Monday, September 2, 2013

ඔබ වෙනුවෙන්...


මම දන්නවා...අපි දෙන්නටම ගොඩක් කලබල, ප්‍රශ්ණ තියෙන, නරක කාලයක් මේක. ඊයේ මහ රෑ 12.20 වෙද්දිත් ඔයා වැඩ...අද කරගෙන යන්න ඕනිම නිසා. මට උදව් කරන්නත් විදිහකුත් නැහැ මට තේරෙන්නේ නැති නිසා ඔය විෂය...ඉතින් මම ඔයා එක්ක ඇහැරිලා ඉන්නැද්දි, ඔයාගේ මහන්සියයි, නිදිමතයි යන්න කියල හිතල ලියල එව්ව කෙටි පණිවිඩය මේ...

මහන්සිය නැති වෙලා දොයිය මත අඩු වෙන්න
සිහිය focus වෙලා වැඩ පොදිය නිම වෙන්න
කේන්තිය අඩුවෙලා ආදරය වැඩි වෙන්න
නින්ද යන්නට කලින් කෝල් එක මට දෙන්න

ඔයා කීයට නිදාගත්තද කියල මම දන්නෙ නෑ...ඒ ඔයා මට කෝල් කලේ නැති නිසා...මට කීයට නින්ද ගියාද කියලත් මම දන්නෙ නැහැ...පින්තුරයේ පේන තරන් ආදරයක් මට ඔයාගෙන් ලැබෙන්නේ නැහැ. ඒත් මම ඔයාට ආදරෙයි... එදා වගේම අදත්, අද වගේම හෙටත්...කවදා හරි දවසක ඔයාට උදව්වක් ඕනි උනොත්, මම මෙතනම...ඔයා වෙනුවෙන් ඉඳීවි.....එහෙම උවමනාවක් ඔයාට උනේ නැති උනත්, මම වෙනස් වෙන්නෙ නැහැ...


------------------------------------------------------------------------------------------------------------
මේ පොස්ට් එක කියවන රසිකයින්ට:
බොළඳ බවත්, හරි සිංහලෙන් නොලිව්ව බවත් ඇත්ත. ඔයාල කවුරුවත් මේක රසවිඳින එකකුත් නැහැ සමහර විට. ඒත් මම වයසට ගිය දවසක හරි කියවලා බලන්න හිතාගෙනයි බ්ලොග් එකේ සටහන තියන්නේ.

~නෙතුපුල්~

2 comments:

  1. මේක ඔයත් මාත් දන්නා කතාවක්. අපි පොඩි කාලේ තරු කඩලා දෙන්න කියල අම්මගෙන් ඉල්ලලා ඇඬුවත්, අම්මට ඒක කරලා දෙන්න බැරුව පුංචි බොරුවක් කියල අප ව තාවකාලික ව හරි සනසන්න ඇති. නමුත් ඔයාට පුළුවන් තරු ගැන හොයාගෙන ගිහිල්ල අඩුම ගානේ හද තරණය කරන්න, අම්මගේ ආශීර්වාදය මැද. තරු කඩා දෙන්න බැරි වූ අම්ම ඒ ගැන අවංක ව සතුටු වෙනු ඇති,එමගින් ඇගේ පසු තැවීම නිවෙනු ඇති. අහිමි වුනු ආදරය, තරු ඉල්ලා හඬන ඔයාත්, එය දීමට නොහැකි ව පසු තැවෙන ඔහුත් වැනිය. විසදුම ඔබ සද තරණය කිරීමය.

    ReplyDelete
    Replies
    1. මේකටත් මට දෙන්න තියෙන්නෙ ඔබේ නිසදැසට දුන් උත්තරයමයි.

      Delete