Wednesday, September 11, 2013

මිතුදම සහ ආදරය

කවුරු කොහොම විග්‍රහ කලත් මටනම් මිතුදම සහ ආදරය අතරේ ලොකු වෙනසක් තියෙනවා. මම හිතන විදිහට මිතුදමකදී කිසිම කායික බැඳීමක් නැහැ. අතින් අල්ලගෙන ඇවිදීමේ ඉඳන් අනික් ඔක්කොම ආදරය එක්ක බැඳුනු දේවල්. මිත්‍රයෙක් තමන් දිහා බලද්දී හදවත ඇතුලේ පිටකරන්න බැරි තරන් සතුටක් හිරවෙන්නේ නැහැ. ඒ බැල්ම දරාගන්න බැරුව බිම බැලෙන්නේ නැහැ...අනේ මට එයත් එක්ක මුළු ජීවිතේම එකට ඉන්න තිබුනනං කියල හිතෙන්නෙත් නැහැ. මිත්‍රත්වය ආත්මාර්ථකාමී නැහැ මම හිතන විදිහට. ඒත් ආදරය පොඩ්ඩක් හරි ආත්මාර්ථකාමීයි.

මගේ ආදරවන්තයා මට ආදරේ නොවුනට...එයා වෙන කෙනෙක් එක්ක විවාහ උනත් මම තරහ නැහැ කියල හිතුවට...හිතේ කොනක අර ආත්මාර්ථකාමී බලාපොරොත්තුව හැංගිලා තියෙනවා හැම වෙලේම...අනේ ඔයා මගේම උනානන් කියල. බැරි වෙලාවත්...කොහේ හරි මුල්ලක හැංගිලා තියෙන වාසනාවක් නිසා හරි කවමහරි දවසක එයා මගේ උනොත්...අර හිත ඇතුලේ හිර කරන හිටිය සතුට දොරේ ගලාගෙන යාවි...

ගොඩක් සංකීර්ණයි කියල ලියන්න පටන්ගත්තට හරිම සරල උනා අන්තිමේදි...ඉතින් මේක කියෝලා මට බනින්න නං එපා :) ඔයාලගේ විග්‍රහත් ලියල තියල යන්න...මට අලුත් අදහසක් එකතු වෙයි එතකොට....

~නෙතුපුල්~

5 comments:

  1. ඔබ පවසන ලෙස මිතු දම හා ආදරය එතරම් පැහැදිලිව වෙන් කල හැක්කක් නම් මිනිසුන්ගේ ජීවිත සරළ වන අතර, එම ජීවිත යම්කිසි අයුරකින් යාන්ත්රි්ක ස්වාභාවයක් ගනී. එහෙත් එහි ඇති මා දකින සංකීර්ණත්වය මිනිසුන්ගේ ජීවිත අතාර්තික නමුත් සුන්දර කරවයි. මිනිසුන් ගේ හැගීම් සමග ගනු දෙනු කරන විට මා දකින එක සත්යඅයක් පවතී. එනම් එම හැගීම් තර්කනයෙන් වැරදි/නිවැරදි,කළු/සුදු, වේ/නොවේ, ආත්මාර්ථය/පරාර්ථය, දුක/සතුට යනාදී වශයෙන් අන්ත දෙකකින් එකක ට ලඝු කර දැක්වීමට ඇති නොහැකියාවයි. හැගීම් සෑම විටම, මෙම අන්ත දෙක අතර දෝලනය වෙමින් පවතී. එය වැඩි නබුරුතාවය ඇති අර්ධය සලකා අප එය "කළු" හෝ "සුදු" යනුවෙන් නම් කරමු. නමුත් මෙකී දෝලනය මගින්, එම පුද්ගල චරිතයන ට සාපේක්ෂව "කළු" යන්න තවත් මොහොතක "සුදු" ලෙස වෙනස් වේ.

    කායික බැඳීමක් ඇති හෝ නැති බව මිත්රදත්වයෙන් ආදරය වෙනස් කිරීමට සමත් වන්නේ කෙසේ ද?
    කායික බැදීමක් යනු මානසික ක්රිුයාවලියක ප්ර තිඵලයක් වේ. එය සාහිත්යමමය මෙන් ම විද්යාසත්මක සත්යකයකි. සරළ ව ගතහොත්, මිත්රසයන් දෙදෙනෙකුට කායික බැදීමක් ඇති වන සුළු මානසික තත්ත්වයන් ඇති නොවන්නේ යැයි ඔබට දිය හැකි සහතිකය කුමක් ද? එසේ වූ පමණින් එය "ආදරයක්" වන්නේද? එසේ ඇති වන සිතුවිලි, සමාජය ට පෙනෙන ලෙස කායික බැදීම දක්වා නොගිය ද, ඔවුනොවුන්ගේ එම හැගීම් එක් ක්ෂණයක දී වත් ඇති නොවුයේ යැයි ඔබට නිශ්චිතව කිව හැකි ද? විටෙක එය එසේ වුවා දැයි නොගිනිය හැකි, ඔවුනට ද නොදැනෙන සියුම් හැගීම් විය හැකිය. එම සියුම් හැගුම් තමුන්ගේ සිත රවටා ගැනීමට, ඒ හරහා පුහු තර්ක ගොඩනැගීමට උපයෝගී කර ගත හැක. මිතු දම නමැති සමාජ සම්මතය කායික බැදීම් වලට යම් තාක් විලංගු දැමීමක් කරන බවට කිසිදු තර්කයක් නොමැත.

    ආත්මාර්ථය ආදරයෙහි ලක්ෂණයක් වී, එය මිත්රසත්වය තුල නොපවතී යැයි නිසකෙයන් ම පැවසිය හැක්කේ කෙසේ ද?
    ඔබට කෙදිනක වත් ඔබගේ මිතුරෙකු/මිතුරියක ඔබෙන් වෙන් වී යන විට දුකක්, කනගාටුවක් ඇතිව නොමැති ද? ඉතාමත් සරලව ගතහොත්, ඔබ ඔහු හෝ ඇය වෙන්වීමට බිය වන්නේ, අකමැති වන්නේ ආත්මාර්ථය හේතුවෙන් මිස අන් කිසිවක් නිසා නොවෙයි. ඔබ ඔබගේ මිතුර ගෙන්, ඔබ අපහසුතාවකට පත් වූ විට ඔබට වචනයෙන් හෝ පිළිසරණක් ලැබේ යැයි සිතන්නේ ඔබ තුල ඇති ආත්මාර්ථය නොවන්නේ කෙසේද? එනම් මිත්ර ත්වය තුල ආත්මාර්ථය පවතී. එය ජීවිත කාලය පුර පවතින බැදීමක් බවට පත් කරගත් අය මට මුණ ගැසී ඇත.

    ReplyDelete
  2. මම දකින ආදරය යනු මිත්රැත්වයේ දිගුවකි. මිනිසකු, තවත් මිනිසකු හා බැදීමක් පවතින්නේ මානසික වශයෙනි. එනම් මානසික වශයෙන් එකෙකු තවෙකෙකුට කෙතරම් සමීපද යන්න තීරණය වන්නේ, ඔවුනොවුන් සිතුවිලි, හැගීම් හරහා හදුනා ගැනීම තුලිනි. මෙහිදී ඔවුන් සමාන සිතුවිලි දහරා නියෝජනය කිරීමේ අවශ්යඑතාවයක් නැත.එසේ වන්නේ ද නැත. එහෙත් එම සිතුවිලි, හැගීම් යම් තරමකට ගැලපේ නම් එම බැදීම පවත්වා ගැනීමට එය පහසුවක් වේ. සැබෑ මිතුරන් එකිනෙකාගේ හැගීම් තේරුම් ගැනීමේ රහස මෙම ගැලපීමයි. ඔබ මිතුරකු ඉදිරියේ ඕනෑම දෙයක් නොපැකිලව පැවසීමට දිරිමත් කරනුයේ මෙම මානසික බැදීම මිස අන් කවරක් ද?

    මෙම මානසික හදුනා ගැනීම කෙතරම් දුරට, ගැඹුරට සිදු කරන්නේ ද යන්න, ආදරයෙහි අඩිතාලමයි. නමුත් එය කෙතරම් ගැඹුරක දී ආදරය වන්නේ ද, මිතු දම ලෙස පැවතිය හැකි ද යන්න තීරණය වීම ඔවුනට සාපේක්ෂ වන්නේය. එයට අමතරව මෙහිදී අනෙකුත් ප්ර තිරෝධ වැදගත් වෙයි. ඒවා සමාජයීය සාධක විය හැක. මෙහිදී, ආදරය සඳහා එම ගැඹුර මේ යැයි ඔබ ඔබට ද නොතේරෙන "ඉරක්" ඇඳ ගනී. ඔබගේ මිතුරා ද , එම ඉර එතනින් ම ඇඳ ගැනීමට හැකියාවක් පවතින්නෙක් නම් මෙහිදී සංකුලතා හට නොගනී. එසේ නොවුවද තම සිතට සමීපතමය සමග ඉතාමත් ලෙන්ගතු අදහස් හුවමාරුවෙන් යම් තාක් එකග තාවකට පැමිණිය හැකි වෙයි. මෙය ආත්මාර්ථය නොව පරාර්ථයයි. එසේ නොමැතිව එකෙකු මානසිකව එම ඉර පැන අනෙකා කෙසේ හෝ පන්නවීමට යත්න දරවීම, අනෙක පනින තෙක් බලා සිටීම ආත්මාර්ථයයි. එනම් එම "ඉර" පනින්නේ නම් එය දෙදෙනාගේම සුළු හෝ දැනුවත් වීමක් සහිතව සිදු වන්නේ ය යන්න මගේ හැගුමයි. නමුත් එම ඉර පැන්නේ කවදද කෙලෙසද යන්න නිශ්චිතව කිව නොහැක්කේ, එය තම තමනට සාපේක්ෂව ඇති වන හැගීමක් පමණක් හෙයිනි. එම "ඉරෙහි" දෙපසට පනිමින්, අප විටෙක ඉතාමත් සුන්දර, විටෙක ඉතා පීඩා කාරී, තමනට ද තමන් ව නොවැටහෙන ගන්දබ්බ අවදිද ගත කර ඇත්තෙමු. අපි අදටත් ප්ර තිරෝධයන් හමුවේ එම ඉරි පැනීමට බිය වන්නෙමු.

    මෙලෙස, සමාජයීය ප්ර තිරෝධයන් නොගිනිය හැකි ලෙස සැලකුවහොත්....
    සමලිංගික මිතු දමක් සමලිංගික ආදරයක් බවට පත් වීමෙහිද අරුමයක් නොපවතී.(අදටද සමලිංගිකත්වය යනු මානසිකව ඇති වන සංසිදධියක් බව විද්යාදත්මක මතයයි)
    මිතු දමක් ආදරයක් බවට පත් වීමට පෙර එය කායික බැදීමක් වීමට ද ඉඩ හසර ඇත
    තවෙකෙකු ගේ ආදරයට වඩා අනෙකෙකුගේ මිතු දම දැඩි මානසික බැදීමක් විය හැක. ( සැසදිය නොහැක )
    මිතුරන් අමුතුවෙන් ඔවුනොවුන් වෙනුවෙන් විවාහ යෝජනා ගෙන ඒමේ අවශ්ය තාවක් නොමැත.

    තව ද
    අපි කථා කිරීමට අකමැති ඔබ පවසා ඇති කායික එකතුවෙහි පවා උපරිම සතුටක් විදිය හැක්කේ මෙලෙස එකිනෙකා ගේ මානසික බැදීමෙහි, එකිනෙකාගේ මානසික අවශ්යදතාවයන් හදුනා ගනේමෙහි ඇති මෙම හැකියාව මතයි. එය මා පෙර කියූ පරාර්ථය මිස ආත්මාර්ථය නම් නොවෙයි.

    මෙය අයෙකු ෆැන්ටසියක් ලෙස දැකිය හැකිය. නමුත් මෙය මා දකින අයුරු ය.

    ReplyDelete
    Replies
    1. ඔබ ගොඩක් කාරණා කියල තියෙනවා. ස්තුතියි.
      ඔබත් පවසන මේ "ඉර" මිතුදම සහ ආදරය වෙන් කරනවා ඇති බව මටත් සිතෙනවා.
      //ඔබගේ මිතුරා ද , එම ඉර එතනින් ම ඇඳ ගැනීමට හැකියාවක් පවතින්නෙක් නම් මෙහිදී සංකුලතා හට නොගනී.// මේ කතාව හරියටම හරි...එහෙම නොවෙන එක නිසා අපිට කොයි තරන් ප්‍රශ්ණ වලට මුණ දෙන්න සිද්ද වෙනවද...පිරිමි මේක කොයි තරන් කිව්වත් තේරුම් නොගන්න එකනේ ප්‍රශ්නේ...හොඳින් පහදලා දෙන්න යද්දි එයාල හිතනව අපි කෙලින් නොකිව්වට එයාලට හිත යටින් ආදරය කරනවා කියල...අනේ මන්දා...මීට වඩා චුට්ටක් හිතනවනන් අපි ගැනත්...

      Delete
  3. //මගේ ආදරවන්තයා මට ආදරේ නොවුනට...එයා වෙන කෙනෙක් එක්ක විවාහ උනත් මම තරහ නැහැ කියල හිතුවට...හිතේ කොනක අර ආත්මාර්ථකාමී බලාපොරොත්තුව හැංගිලා තියෙනවා හැම වෙලේම.//
    මම හිතන්නේ ආදරේදි ආත්මාර්ථය කියන්නෙ මේකට තමයි. අපි කොච්චර හිතෙන් පලවා හරින්න හැදුවත් ආයෙත් ලගටම එනවා. සිතුවිලි දහර ගොඩක් කරුණු කාරණා කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. ඒ සිතුවිල්ලම තමයි වෙලාවකට අපිව ජීවත් කරවන්නෙත්, ඒ වගේම අපිටම අපිව එපා කරලා දාන්නෙත්...
      මේ පැත්තේ ආවට ස්තුතියි :)

      Delete