Tuesday, September 10, 2013

ආදරය...



තමන් ආදරය කරන කෙනාගෙන් තමන්ට ආදරය ආපහු ලැබෙනවා කියන්නෙ ඒක වාසනාවක්. ඒත් එහෙම නැති උනත් අපි ගොඩ දෙනෙක් තමන්ගෙ ආදරය පිරිනමන්න කෙනෙක් තෝරගත්තට පස්සෙ ඒ කෙනා තමන්ට ආදරේ උනත් නොවුනත්...හැමදාම එක වගේම ආදරය කරනවා...ඒ වගේම තමයි මමත්...මට ආදරේ කියාදුන්න ඔයා වෙනුවෙන් හැමදාම මගේ ආදරේ වෙන් කරලා තියෙන්නේ...මම මැරෙනකල්ම...

ආදරය අයැදිමින් පසුපසින් පැමිණුනත් 
ආදරය නොලබමින් දුක් කඳුළු වැගිරුනත්
ආදරය වෙනුවෙන්ම ජීවිතය කැප කරන් 
ආදරය කරමි මම අද හෙටම මියැදුනත්

ඒත් ආදරේ අපිව හොයාගෙන එන්නේ හරිම පුදුම විදිහට...සමහර විට අපි ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරන යාළුවෙක්ගෙන්...එහෙමත් නැත්තන් හීනෙන්වත් නොහිතුව කෙනෙක්ගෙන් වෙන්නත් පුළුවන්...ඒ ආදරේ යටින් තියෙන හිතවත්කම අපිට සතුටක්...ඒත්...ඒ ආදරේට ආදරෙන් සලකන්න මට විදිහක් නැහැ...එක අතකින් සමාජ බැඳීම්...අනික් අතට...මගේ හිත තියෙන්නේ වෙන කෙනෙක් ළඟ...තවත් කෙනෙක්ට දෙන්න තරන් ආදරයක් මගේ හිතේ ඉතුරු වෙලා නැහැ මේ වෙද්දී...මට සමාවෙන්න....

අයදින තැනදි මට ආලය හමු නොවුණි
නොපැතුව තැනදි එය මා හමුවට පැමිණි
සතුටද දුකද මෙය මට විඳ ගත නොහැකි
පතනා ආදරය ලැබුමට මම පතමි....

~නෙතුපුල්~

2 comments:

  1. I presume that this is written as soon as you lost your past love, and/or as soon as you met this new guy/girl. As far as i know, eternal love is nothing but complete rubbish. Still you like the affection hidden behind the new "love". Soon you will violate the two constraint mentioned. i.e. social restrictions and your mind still with Ex. Never forget, that we are people full of sins, not enlightened :-)

    ReplyDelete
    Replies
    1. Hello Anonymous,
      Thanks for spending time to read my crazy write-ups and specially to leave a comment. May be you are right...I wrote what I felt at that time but I totally agree with your last statement "Never forget, that we are people full of sins, not enlightened".
      I still have feelings for my lost love; I loved him to extremes but still had to watch the whole world fall apart in front of my own eyes. Let's see what my heart says for the new guy when the time pass by :)

      Delete