Wednesday, October 2, 2013

නුඹේ ආදරය වෙනුවෙන් ලියැවුණු කවි...


මිහිරියි නුඹේ වදන් මා සවනත වැටෙන
සොඳුරුයි නුඹේ සුසුම් මා දෙකොපුල රැඳෙන 
මිහිරියි එම පැතුම් අප එක් වී පතන 
සොඳුරුයි ඒ මොහොත අප එක් වී සිටින 
.
.
.
නෙතු කැන් පුරා සෙනෙහස් මල් පිපුනාට
නෙතු නිදි වරා පෙම් බස් අප දෙඩුවාට
හද පුරවලා පෙම් සිතුවිලි වින්දාට
අපි අපෙ සිතුම් රැල් තේරුම් ගත්තාද?

~නෙතුපුල්~

2 comments:

  1. awapasa ghana thimira iraaaaa......
    pura pasa sanda nagena thuraaa......
    nawa dinayaka pathum daraaaa.......
    hidiwida oba.... indikadda lagata wela........

    ReplyDelete
    Replies
    1. සඳු සැමදාම මා රිදවා සැඟවෙන්නේ
      හිරු අතහැර ආ බව නෑ සලකන්නේ
      සිත රිදුනාද වත් ඔහු නම් නොසිතන්නේ
      තව දිනයකුත් නැත ඔහු හට පුද දෙන්නේ

      Delete