තරු කුමරියනි නුබේ කඳුළැලි මට පෙනුනි
හිරු නොම දකින ඒ කදුළැලි මට දැනුනි
තරු වන් දෑස වෙහෙසා නොහඬනු කුමරි
හිරු නොදුටුවත් ඒ කඳුළැලි මම පිසිමි
දහවල් කලට සොඳුරුයි ඔබෙ සිනා රැලි
සිහිලැල් සොඳුරු වදනුයි ඇති මුවේ පිරි
නෙතුකැන් වසා ගත්තත් කඳුළැල් සපිරි
මම දන්නවා, සිත ඇත්තේ දුකින් පිරි
තරු කුමරියෙනි නුඹේ දුක්බර සිතුම් රැලි
හිරු නොදකීවි කිසි දින ඒ කඳුළු රැලි
හිරු හැර දමා මා වෙත එනවනම් හැරි
හිරු නොම වුවත් විය හැක මට නුඹේ හිමි
හිරු දැඩි වේවි එය නවතනු බැරි වේවි
මම හිරු නොවෙමි සඳු වෙමි ඔබ හට ප්‍රේමි
හිරු ඔබ දවයි මම සිසිලස ගෙන දේවි
තරු කුමරියගෙ තනිකම පලවා දාවි
හිරු හැර දමා මම සඳු වෙතටම ආමි
සඳ හැංගිලා මුළු අහසම හිස් වේවි
තරු කුමරියගෙ කඳුළැල් තව නැත වේලි
හිරු සඳු දෙකම නොමැතිව කඳුළැල් සලමි
~නෙතුපුල්~
ඉතාමත් සංවේදී ව හැඟුම් බරව ලියන ලද කවි පන්තියක්. අතරමංවූ තරු කුමරිය වෙත...
ReplyDeleteමිනිසුන් හැමදාම නොතිත් ආශාවන් පසුපස දිව යත්. හිරු ගෙන් නොලැබුණු සිසිලස සඳුගෙන් ලැබේ යැයි සිතන්නාක් මෙන්. සෞම්‍ය සරාගී සඳෙහි සිසිල දුටු ඔබ, හිරු අතහැර පැමිණීම අරුමයක් නොවන්නේමය. සඳු සැමදාම, දිනෙන් දින වෙනස් වන සුළු බව ඔබ නොදුටුවෙහි ද? සඳු ඔපවත් වන සැම විටෙකම ඔබ ගේ දීප්තිය අඩු වන බව ඔබට නොපෙනින ද? සදු බබලන පසළොස්වක දින ඔබ නොපෙනුණු බව ඔබට අමතක ද? නැතිනම් සඳෙහි සිහිලෙන් මුලා වුනි ද?
සසල සඳ නොමැති අමාවක දිනක් ඔබ නොපැතූ බව සැබවි. එහෙත් සත්‍යය එයයි. නමුත් එදින ඔබ අහසේ බබලනු මම පැහැදිලිව දකිමි. ඔබ තරු අතර බැබලෙන, තරු පිරිවැරූ “සිකුරු තරුව” ලෙස මම දකිමි.ඔදැති හිරු ගෙන්, සසල සඳගෙන් වෙන්වූ ඔබ දෙස තෙදැති තරුවක් බලා හිඳිනු ඇත.
දයාබර තරු කුමරියනි,ඔබට නොවෙනස් තරු කුමරකු ලැබෙන එදින මා තුටු වනයුරු මම අද දින සිතින් මවා ගනිමි. ඒ, මා සැමදාම ඔබ විඳිනයුරු, විදවනයුරු නොවෙනස් ව දකින සිතුවිලි දහර බැවින්.
මා ලියු කවි පද ඔබ ඉතාමත් නිවැරදිව තේරුම් අරන් තියෙනවා...කිවූ සියල්ල සත්‍ය වුවත් ඔබ අවසන් වශයෙන් කල පැතුම නම් මට ඉටු කරන්නට බැරිවේවි. නොවෙනස් තරු කුමරුවන් මේ ලෝකේ ඉන්නවද? එහෙම හිටියත් ඒ අය මාව දකීවිද? දැක්කත් මම එයාලට ආදරය කරාවිද? :)
Deletemata loku sahithya rasayak nathi unath, oka hariyata allapu aththath nathiwa paya gahapu aththath nathi una wage neda? uda commentator wage oyaa gana mata hithenne naha.
ReplyDeleteස්තුතියි ඔබේ අදහසට...සිතුවිලි දහර ලස්සන වචන වලින් කියල තියෙන්නෙත් ඔයාගේ අදහසම තමයි මම හිතන්නේ ... :)
Deleteඔබ කිවූ දේ ඇත්ත. ඒත් අල්ලපු අත්ත හරි ගියේ නැත්තන්...පය ගහපු අත්තත් මාව දරා ගන්න තරන් ශක්තිමත් උනේ නැත්තන් මොනවා කරන්නද...තනිකමත් එක්ක ජීවත් වෙනව මිසක්...