
නුඹේ දෙතොලග රැඳුනු මද හස
මගේ සිත අග තනි රකින සඳ
නුඹේ සුසුමක රැඳුනු උණුසුම
මගේ මතකය පාරවයි අද...
නුඹේ රළු අතැඟිලි වලින් නුඹ
මගේ අත ගෙන ගෙවූ ඒ දින
නුඹේ අත්වැල නොමැති අද දින
මගේ දිවියට නොමැත හිරු සඳ...
නුඹේ වදනක පහස ලබනට
මගේ දෙසවන බල කරයි මට
නුඹේ සෙනෙහස නැවත දකිනට
මගේ නෙතු යුග මග බලයි අද...
~නෙතුපුල්~
කවි බ්ලොගයකි
ReplyDeleteපැමිණෙමි
රසවිඳිමි
ජයවේ නෙතුපුල්!
ස්තුතියි මේ පැත්තේ ආවට :)
Delete