ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව නාට්‍යයේ මෙහෙම සංවාදයක් තියෙනවා...
මාලිනී:
...එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි...අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි...හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි...
...මොකද්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනවා බොනවා. වැඩට යනවා. කතා බහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. එත් මම විතරයි...ඔබ නෑ...
සාහිත්‍ය ගුරුතුමා:
තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.
...නොගියොත් යලිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊම ද හොඳය.ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය...
මේ සංවාදයේ මුල් තියෙන්නේ මළවුන්ගේ අවුරුදු දා කියන පොතේ...මේ ඔක්කොම කියවද්දී නෙතුපුල් ට හිතුනු දේ මේ මුල් සංවාද තරන් හර බර නැතුව ඇති...එත්...මේ විදිහට හිතන්න තරන් නෙතුපුල්ට නම් ශක්තියක් නැහැ...
නොයා එන්නට බැරි වුනත් නුඹ
එපා යන්නට දමා තනිකර
නැවත එනතුරු පෙරුම් පිරුමට
නොහැක මට තනිකමින් ඉන්නට...
හෙටත් හිරු පායාවි - අලුත් මල් පීදේවි
දිනක් ගතවී යාවි - මමත් මෙහි තනි වේවි
මලට හිරු ඇවැසිමය පෙති විදා පුදන්ට
මටද නුඹ ඇවැසිමය සිනාවක් පුබුදන්ට...
~නෙතුපුල්~
යන්න සිතුවේ නොයා එන්නට බැරි නිසා නොව
ReplyDeleteරැඳී ඉන්නට නා නිසා...
නැවත එනතුරු පෙරුම් පිරුමට අවැසි නැත නුඹ
එන්න අය තව ඇති නිසා...
පෙති විදා පුදන්ට මලට අවැසිය
රැස් විදා පෑ හැකි ඉරක්...
අඳුරෙ සැලෙනා සිලට පෙම් කර
සිඳා ගනු ඇයි නුඹේ පියාපත්...
(මේක මගේ පලවෙනි කවිය...මම ජීවිතේට නිසදැස් ලියල නැහැ...)
-දෙවෙන්ද්‍රෙරා සං
රැඳී ඉන්නට නොආ බව මා
ReplyDeleteදනිමි යන්නට ඇත කියා
බලා හිඳිනා බවත් දන්නෙමි
බොහෝ දෙන නුඹ එන තුරා...
නුඹේ රැස් මට සදාකල් ඇත
පිපෙන්නට පෙති විහිදලා...
පෙම් කලේ පන් සිලට නොව මම
නුඹ හටයි මා හද පුරා...
~නෙතුපුල්~
ලස්සනයි.......
ReplyDeleteසතුටුයි ඔබ මෙය රසවින්දට...
Deleteඔබ ඉගෙන ගන්නා බව පේනවා.... දුකෙන් සතුටින් සිනාවෙන් කඳුලින් සම්ප්‍රයෝගයෙන් විප්‍රයෝගයෙන් කාලයෙන් අකාලයෙන්...
ReplyDeleteජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගැනෙන්නේ අත්දැකීමෙන් බව තේරුම් ගන්න මට දශක තුනකට වඩා ගත වුනා...ඒ වුනාට...ජීවිතේ ගැන...මිනිස්සු ගැන...මං ගැන...මට අද ඊයේ දවසට වඩා තේරුම් යනවා කියල මම හිතනවා...අද වෙනකල් මට ජීවිතේ තේරුම් ගන්න උදව් වුනේ මගේ ජීවිතේ දුක්බර වගේම සතුටින් පිරුණු අවස්ථා වලදී මගේ ජීවිතේට සමීප වුනු අයයි...ඒ අය අතින් මට හොඳක් වුනත් නරකක් වුනත් (සමාජ සම්මත මිම්මෙන්) මම නම් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට ජීවිතේ තේරුම් ගන්න උදව් කලාට...
Deleteනෙතුපුල්, මට මේ ගැන දැනෙන දෙයක් කියන්නම්. හැගීම් හැම වෙලාවේම ඒ ඒ පුද්ගලයට අතිශය පුද්ගලිකයි. පහන් සිලේ ආලෝකය හොයාගෙන යන මෙරුවකු අප දකින විදිහට තත්පර ගණනක් ඇතුලත මිය යනවා. තාර්කිකව, බාහිරින් බලන කොට ඒ මෙරුවා ගෙන ඇති තීරණය වැරදියි කියල අපිට පෙන්නේ.ඒත් ඒ මොහොතේ ඒ සතා අත්විදි හැගීම අපිට ජීවිත කාලයක් පුරාවට අත් විඳින්න බැරි වුන සුන්දර හැගීමක් වෙන්න පුළුවන්. ඒ උගේ හැගීම හරහා ඌ ලබන සතුට එහි අවසන් ප්‍රථිපලය හරහා අප නිගමය කිරීම සාධාරණ නැහැ කියන එකයි මගේ හැගීම. යම් කිසි විදිහකින්, ඌ උගේ සිරුර විනාශ නොවන ප්‍රභවයක් කරා ඇදී ගියේ නම්, එකම වෙනස ඌ එය වැඩි කාලයක් අත් විදීම විතරයි. එහිදීද ඌ වැඩි කාලයක් අත් විඳින දෙය අඩු කාලයක් අත් විදින දෙය තරම් තීව්ර නොවෙන්නත් පුළුවන්.
ReplyDeleteමම දකින ජීවිතය විදීම් වල එකතුවක් විතරයි. විදීම් යනු සමාජයට සාපේක්ෂව හිරවුණා මනසකින් විඳින දෙයක් නොවෙයි. කවද හරි දවසක, සුදුසු පරිසරයක දී මට ඔබව මුණ ගැසුනොත් මම කියල දෙන්නම් එහි ඇති නිරපේක්ෂ සුන්දරත්වය. එය සම්ප්‍රදායට පටහැනි දෙයක් විදිහට අන් අයට හැඟුනත් එතැන ඇත්තේ අව්‍යජත්වය පමණක් බව ඔබට තේරුම් යාවි.
ඇනෝ විදිහට නොලිව්වනම් මම දැන්ම කතා කරනවා ඔබට...මේ කියල තියෙන දේ මගේ විදිහට නම් හරියටම හරි...මගේ ජීවිතේ මම හැමදාම තීරණ ගත්තේ මට හරි කියල හිතෙන විදිහට මිසක් සමාජ සම්මත මිනුම් දඬු වලින් මැනලා නෙමෙයි...ඒ වෙලාවල් වලදී සමාජයෙන් ගොඩක් කතන්දරත් මම අහගත්තා...එත්...මම පසුතැවෙන්නේ නැහැ...මොකද මම මගේ ජීවිතේ මට උවමනා විදිහට ගත කරලා තියෙන නිසා...
Deleteඔබ ගත්තු උදාහරණය හරියටම හරි...අපිට මෙරුවගේ ජීවිතේට තීරණ දෙන්න බැහැ...
නියමයි නෙතුවා දිගටම ලියහං
ReplyDeleteඋඹට හොඳ ගමනක් තියෙනවා
ජයවේවා..
ස්තුතියි...
Deleteහැම කෙනෙක්ටම අතීතයත් එක්ක බැඳුනු මොකක්දෝ ලොකු බැඳීමක් තියෙනවා. අපාහු ඒ අතීතයට යන්නත් හිතෙනවා බෑත් හිතෙනවා. ඇත්ත තමයි ජීවිතයේ තියෙන්නෙ එන එකයි යන එකයි. කෙනෙක් යනකොට තව කෙනෙක් එනවා. ඇත්තටම ඉතින් බැලුවොත් ගතවෙලා තියෙන කාලේ දිහා බැලුවම තත්පරයක්වත් සමහර අය නැතුව ජීවත්වෙන්න හෑ කියලා හිතපු අපි අවුරැදු ගනන් ජීවත්වෙලා තියෙනවා .
ReplyDeleteඔව් ඒක නම් ඇත්ත ඉතින්...මම හිතන්නේ අපි මුණ දෙන්න අකමැති සහ බය වෙන්නේ වෙනසට මිසක් පුද්ගලයෙක් අපි ලඟට එන එකටවත් යන එකටවත් නෙමෙයිදත් මන්දා...
Deleteනෙතුපුල් හරි. මටත් ශක්තියක් නෑ එහෙම හිතන්න...
ReplyDeleteමම නොරිකෝ වුණා නම්,
නොරිකෝට තරම් ඉවසන්න බැරි වේවි
මට...
ගිනි ගත්ත හිත් මලට කදුළු වතුර හැලෙනකොට
නොරිකෝ වගේ දරාගෙන ඉන්න දන්නේ නැහැ මම
මලවුන්ගේ අවුරුදු දා එන තෙක් බලා නොසිට මමත් යාවි එදාට ඔහු ගියපු එපිට ලොවට...