Monday, September 16, 2013

මට ආදරය කරන...ඔබට...



නිදහස්, සොඳුරු මගෙ යව්වන සමය 
නිම වී ගොසින් එය ආදරයත් සමග
කොතරම් බලන් උන්නත් ප්‍රේමාතුරව 
ඔබහට නොලැබේවි මහදින් ආදරය 

වියලුණු හදකි මා හට ඉතිරිව ඇත්තේ
ඒ හදවතෙහි ආලය ඉතිරිව නැත්තේ
මා වෙනුවෙන් නුඹ කැප විය යුතු නැත්තේ
නුඹේ ආදරය මතුවට සුරැකිය යුත්තේ 

ඔබ මග දමා යන්නට මට නොසිතේවි 
එනමුත් මිතුදමින් මතුවක් නොලැබේවි
ඔබෙ ආදරය මතු සැමදින සුරැකේවි 
ඔබ හට පෙම් කරන කිසිවෙක් හමුවේවි

~නෙතුපුල්~






5 comments:

  1. මිතු දම අදර බැම වෙනසක්.....පැවසූ ද
    මිතු බව බිඳී ආලය සිත..........ඉතිරී ද
    ඔහු මග දමා යන්නට ඔබ........නොසිතේ ද
    ඔහු එය අදර ලෙස සැලකුම.....නොවටී ද

    ReplyDelete
  2. ආදරයෙන් වැසුන නෙත් අන්ධයි නේද?
    ඒ නෙත් මිතුරුකම වෙන් කොට හඳුනාද?
    ආදරයෙන් මිදුන දා හද ගොලු වීද?
    සෙනෙහස් දියෙන් හදවත යළි පණ නො ලබාද?


    ReplyDelete
  3. @ Sithuwili Dahara & Yashodha
    ස්තුතියි කවි ගොතල තියල ගියාට...
    ඔයාල දෙන්නම එකම අදහස කියල තියෙන නිසා එක සැරේ උත්තර දෙන්නම්...

    කලකට පෙරදී මම ආලය කැප කෙරුවා
    ඒ ආදරය වෙනුවෙන් කඳුළැල් බීවා
    නැවතත් ප්‍රේමයෙන් මට ඇරයුම් ආවා
    එනමුත් මගේ හදවත නැත මා ගාවා

    ආලය නොවෙයි මිතු දමකුයි මම පැතුවේ
    ඔහු එය හරි කලට තේරුම් ගත යුතුවේ
    ඔහුගේ ආදරය මතු සුරැකිය යුතුවේ
    එහි හිමිකාරි හමුවෙයි ඔහු හට මතුවේ

    ReplyDelete
  4. කෝ කොහිද මෙහි තිබි යුතු ගැජට්ටුව ෆලෝ
    ඒක නැතිව මට අප්ඩේට් ලැබේවිදෝ
    කවි ලියලා හිත හංගන් හිටියාදෝ
    ආලය අයිස් කර සුදකින්නේදෝ..

    අයියෝ අර වර්ඩ් වෙරිපිකේෂන් මගුලත් හරි කරදරයක්...

    ReplyDelete
    Replies
    1. මම මේ වැඩ කෑලි එතරම් නොදන්නෙමි
      වර්ඩ් වෙරිෆිකේෂනයක් නොදත්තෙමි
      සමා වෙන්න, ඔබේ පහසුව තකන්නෙමි
      සොයා බලා මම ඒවා දමන්නෙමි

      Delete