Friday, May 31, 2013

සිතුවිලි අංක නවය


"පබදින කවියෙ සුන්දර බව වැඩි වෙන්න
එළිවැට හොඳින් පෑහෙන ලෙස ගලපන්න
ලස්සන අරුත් බර කවි පද ලියැවෙන්න
පළමුව ඔබේ සිත සන්සුන් කරගන්න"

ආදරෙන් මට ඔයා මේ කවිය ලියල දුන්නෙ මම ලියන දේවල් වල අඩුපාඩු පෙන්නල දෙන්න කිව්වම...ඔයා හරි ඇති...මගේ හිත නොසන්සුන් තමයි...මට තේරෙනව ඒක...ඒත් එහෙම වෙලා තියෙන්නේ මොකක් නිසාද කියල මට තේරෙන්නේ නැහැ...මට ඒකත් තේරුම් ගන්න උදව් කරන්නකෝ...මට ඉන්නේ ඔයා විතරයිනේ....

~නෙතුපුල්~

Saturday, May 18, 2013

සිතුවිලි අංක අට



"සෙනෙහස කරුණාව අනෙකුගේ දුක දකින
සුසුමක කඳුළු බිඳුවක උණුසුම දැනෙන
හැල්මේ දුවන ජීවිත ගැන දුක හිතෙන
ඔබටත් ලැබේවා ඔය හිතට තෙතමන"

මගෙ හිත ඔයා මේ කියල තියෙන තරන්ම ගලක්ද........................................? එහෙනං ඇයි මම මේ තරන් දුක් විඳින්නේ.............? මට ඒක විතරක් කියල දෙන්න...මම ආපහු ඔයාට වද දෙන්නෙ නැහැ........

~නෙතුපුල්~

සිතුවිලි අංක හත


හැමතිස්සෙම මමම වැරදි වෙන්න පුලුවන්ද? මම දන්න තරමින්...මිනිස්සු කියන්නෙ සීයට සීයක් හොඳවත් නරකවත් ජාතියක් නෙමෙයි. ඒත් මගේ ජීවිතේ සම්බන්ද දේවල් වලදි හැම වෙලේම මම වැරදි වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නැහැ...කවුරු එක්ක කතා කලත්...අන්තිමේදි ඔප්පු වෙන්නෙ මගේ වැරැද්ද කියලයි...මට පිස්සුද? මම කොහොමද ඒක තේරුම් ගන්නේ?

ඔයත් මට මගේම හිත තේරුම් කරලා දෙන්න ගොඩක් උත්සාහ කලා ඒ කාලෙදි...චිත්‍ර ඇඳගෙන...කවි ලියාගෙන...උදාහරණ හද හදා....කොයිතරන් දේවල් කලාද...මුලින්ම කියද්දි කට උත්තර නැතුව ගියාට අඩුමගානේ රෑ එළිවෙනකල් කල්පනා කරල පහුවෙන්දට හරි බොහොම සංකිර්ණ ප්‍රශ්නයක් මම ඔයාට හදාගෙන ආවම...ඒකටත් ඔයා බොහොම ඉවසීමෙන් උත්තර හොයල දුන්න හැටි මට මතකයි හොඳට...එහෙම කරලා ඔයා මට කියදුන්න ජීවිතේ තමයි මම මේ හොයන්නේ...ඒත් ඇයි දැන් මට ඔයා කලින් වගේ උදව් කරන්නේ නැත්තේ ඒක හොයාගන්න?

මගේ ජීවිතේ හැමෝටම ප්‍රෙහෙලිකාවක් වෙලා...මම ආස නැහැ ඒකට...මම ආස නෑ මගේ දේවල් ගැන අනික් හැමෝටම ප්‍රශ්ණ තියෙනවට...එක අතකට බලද්දී මම කාගේවත් ජීවිත ප්‍රශ්ණ කරලා නෑ...ඒත් ගොඩ දෙනෙක්ට මාව ප්‍රශ්නයක්...හැමෝම මගෙන් එක එක දේවල් අහද්දි මට බොරු ගොතන්න අමාරුයි...ඒක ඔයා හිතන විදිහට වගේම අනික් ගොඩක් දෙනෙක් හිතන විදිහටත් මගේ මෝඩකම වෙන්න ඇති. ඒත්...මට තේරෙන්නේ නෑ කොහොමද මිනිස්සුන්ට බොරු කියල ඒවා මතක තියාගන්නේ කියල...අද එකක් කියල හෙට ඒ කිව්ව එක මතක නැත්තන් මම කොහොමද ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? මට තේරෙන්නේ නෑ...මට ඕනි සරල ජීවිතයක්...මම හරිම කැමතියි මට මගේ පාඩුවේ ඉන්න අනික් අය ඉඩ දෙනවනං....

~නෙතුපුල්~


Wednesday, May 15, 2013

සිතුවිලි අංක හය



මෙහෙම කරන්නනං මාත් එක්ක ඉන්න එපා...මාව දාල යන්න. මගේ ජීවිතේ තිබ්බ වටින හැම දේම වගේ මගේ ජීවිතෙත් ඉවර වෙන්න තව වැඩි කාලයක් නෑ කියන එක මට දැන් තේරෙනවා...කමක් නැහැ...හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ කියන එක මට දැන් හොඳට තේරෙනවා..................

~නෙතුපුල්~

සිතුවිලි අංක පහ





අනේ... මම ඒ තරන්ම නපුරුයිද? ඇයි මම කියන හෙම දේකින්ම ඔයාට රිදෙන්නේ? මම මේ තරන්ම අවාසනාවන්තයිද? මට සමාවෙන්න...මම නරක හිතකින් නෙමෙයි කිසි දෙයක්වත් කිව්වේ...පොඩි කරලා දන්න හිතාගෙන නෙමෙයි මම ඔයාට කතා කලේ...

~නෙතුපුල්~

සිතුවිලි අංක හතර


ඔයා කොහෙද? මට ඔයාව හොයාගන්න බැහැ...මම කොහේටද එන්න ඕනි? මම මෙතනමයි...අපි අන්තිමට හමුවුන තැන..............................

අඩුමතරමේ මම එන්න ඕනි පැත්තවත් මට පෙන්නල දෙන්න පුලුවන්ද? ඔයා දන්නවා නේද මම එන බව...?

~නෙතුපුල්~

සිතුවිලි අංක තුන


අවුරුදු දෙකක් යන්නත් කලින් ඔයා මෙහෙම වෙනස් උනේ මගේ වැරද්දක් නිසාමද? මගේ හිත කැඩිල බිඳිලා ගිහින් තියෙන්නෙත් එතකොට මගේම වැරැද්දෙන් ද? වැරැද්ද මගේ නම් ඇයි මමම මෙහෙම විඳවන්නේ? මට මේවට උත්තර නැහැ...උත්තර හොයාගන්න ශක්තියකුත් නැහැ...ඒ වෙනුවෙන් මට උදව් කරන්න කව්රුවත් ඇත්තෙත් නැහැ....

මම නොදැන හිටියට...නොදැන හිටියටත් වඩා මම විශ්වාස කලේ නැතුවට...මීට අවුරුද්දකටත් කලින් ඉඳන් මම මෙහෙම තනිවෙන බව මට ගොඩක් දෙනෙක් කිව්වා...ඔයා එක්ක ඉන්න ඉඳහිට ලැබුනු පැය දෙක තුනේදි මම ඔයාට ඒවා කිව්වා...ඒත් ඔයා මගේ හිත හැදුවා ඒ දවස් වල...මම ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ කියල...කසාද බැඳලා යද්දිවත් කිසි කෙනෙක් මත මගේ ජීවිතේ තීරණය කරන්න නොදීපු මම...ඒ වෙද්දී අවුරුද්දක් විතර කාලයක් දැනගෙන හිටිය ඔයාව විශ්වාස කරලා මගේ ජීවිතේ ඔයාගෙ කකුල් දෙක ළඟ තිබ්බා...හීන ගොඩක් හිතේ පුරෝගෙන...අපි ඉස්සර කතා කලා වගේ...අපි ඉස්සර ඇත්තටම කළා වගේ...අපි දෙන්නා රටවල් දෙකක ඉන්නැද්දීත් එකට උයල කාල එකට නිදාගත්තු ඒ කාලේ ඔයාට මතකද...?  ඒ ජීවිතයයි මට ඕනි උනේ...අඩුමගානේ අපි දෙන්න වයසට ගිහින් හරි ඒ ජීවිතේ විඳින්න මට වාසනාව තියේවි කියල මම විශ්වාස කලා...ඔයා දන්නවද ඒක?

ඒත් දැන්...අපි ගොඩක් දුරස් වෙලා කියල ඔයාටත් තේරෙනවා නේද? එතකොට අපිට ඒ ජීවිතේ කවදාවත් ලැබෙන්නෙ නැද්ද? ඉස්සර පැය ගණන් කතා කරපු අපි...පැය 10-12 උනත් කතා කරකර ඉන්න පලුවන් උන අපි...මට දුකයි ගොඩක්...ඒත් ඉස්සර වගේ මගේ හිත හදන්න පුළුවන් තත්ත්වෙක ඔයා අද නැහැ...ඔයා ඉන්නෙත් දුකින් කියල මම විශ්වාස කරනවා...අපිට මේ ප්‍රශ්ණ විසදගන්න බැරිද? ඔයා මාව අතාරින්නේ නැහැ නේද? මට දීපු පොරොන්දු ඔයා ඉෂ්ට කරනව නේද? මම තාමත් ආදරේ කරනවා ඉස්සර වගේම ඔයාට...ඒත් ඒ නිසයි මම දුකින් ඉන්නේ....

~නෙතුපුල්~

Tuesday, May 14, 2013

සිතුවිලි අංක එක





සිතුවිලි අතර සිරවි හිඳිනා වේලේ
ඔබේ නමින් ලියැවුණු මතකය අතරේ
කඳුළැලි ගලා යනමුත් දෙකොපුල් දෑලේ
සිත ගුලි කරන් මම සිටිනෙමි දිවා රැයේ

ඔබේ නමින් මා පුදකළ ආදරය
වටිනාකමක් නැති ලෙස අද අතරමග
මගෙ ජීවිතය කිසි කමකට නැති වුවද
අම්මා නමින් ජීවත් විය යුතුය මම

තැලි පිළි බන්දා සුදු සළු පිළි පළඳා
හේවිසි හොරණෑ බෙර නද හඬ පතුරා
කුලගෙට කැන්දා ගෙන ගියමුත් පෙරදා
මගෙ හිත අරන් යන්නට ඔබ සමත් උනා

කිසිදා නොමැති ලෙස ඉපදුණු ආදරය 
ඔබේ නමින් පුදකළ බව දැනුනු කල
සැප සම්පත් හිත මිතුරන් සියලු දෙන
අතහැර දමා ඔබ වෙත ආවෙමි විගස

එදා ඔබ කියූ කවි පද අද කොහිද
එදා කියු සොඳුරු ඇමතුම් දැන් නැතිද
එක් වන්නට මැවූ පැතුමන් අමතකද
එක් සිත් වෙලා කල ප්‍රේමය මියැදුනිද

සිත ඉරිතලා ඇත යලි නොහැදෙන ලෙසට
හද මියැදිලා ඇත පෙම් නොකරන ලෙසට
ගත මියැදිලා උණුසුම් නොදැනෙන ලෙසට
මම මියැදිලා යලි පණ නොලැබෙන ලෙසට


 ~නෙතුපුල්~



සිතුවිලි අංක දෙක




හිත් එක් වෙන්න යන වෙලාව ගොඩක් පුංචි කියල හිතුවට හිත කැඩෙන්න යන්නේ ඊටත් වඩා පොඩි වෙලාවක් විතරයි කියල මට තේරුම් යන්න ගිය කාලය වැඩිද මන්දා. එත් මට නපුරු වෙන්න ඕනි උනේ නෑ. මට ඕනි උනේ ජීවිතේ විඳින්න...තනියෙන් නෙමෙයි ඔයත් එක්ක...ඒ වෙනුවෙන් දරන හැම උත්සාහයම පටන් ගන්නකොටම කැඩිල බිදිල යන්නෙ මගේ වැරද්දක් නිසාද කියල මට කියා දෙන්න කෙනෙක් නැති තරමටම මම තනි වෙලා.

මම හැමදේම කලේ ඔයා වෙනුවෙන්මයි මගේ රත්තරන්...ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ? මම හැමදේම අතෑරලා දාල ඔයා එක්ක ආවේ මට වෙන කරන්න දෙයක් නැති නිසා නෙමෙයි ඔයාට ආදරේ නිසයි  කියන සදාකාලික සත්‍ය ඔයා ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? 

මම ජීවිතේ කවදාවත් කරල නැති තරමට ඔයාට ආදරේ කරන නිසා ඔයා මට නපුරු වෙන තරම මට දරාගන්න බැහැ....මම ඔයාට නීති දාල කොටු කලේ නෑ නේද කවදාවත් මීට කලින්? ඔයාට තේරෙන්නේ නැද්ද මගේ මේ වෙනස ඔයාගේ හොඳට කරන දෙයක් කියන එක? වෙන කිසි ගෑනියෙක් නොකරන තරමට මම ඔයාගේ නිදහසට ඉඩ දුන්නා නේද මෙච්චර කාලයකට? එත් ඒකෙන් ඔයාට හොඳක් නොවෙන බව තේරුනාට පස්සෙයි මම ඔයාව සීමා කරන්න හැදුවේ...එහෙම කලේ ඔයා කාලකන්නි වෙනවා මට බලන් ඉන්න බැරි නිසයි. ඔයාගේ අතේ සල්ලි තියෙන කල් රට වටේ රවුම් ගහන්න ලෑස්ති වෙලා ඉන්න යාලුවෝ...හැමදාම උනත් බෝතලේට සල්ලි ගෙවන්නේ ඔයානන් බොන්න සෙට් වෙන ඔයාගේ විස්වාසවන්ත හිත හොඳ යාලුවෝ....හැමෝම ඔයාට විශ්වාසයි...මාව ඇරෙන්න...මගේ ජීවිතේ දෙවෙනි තැනට දාල ඔයා එක්ක ආපු මට ඔයා කරන චෝදනා...මම ඔයාව මරන්න උනත් පුළුවන්...මට ඔයාව මරන්න නෙමෙයි, අඩුගානේ ඔයාව දාල යන්න පුළුවන් උනානං...අද මම මිට වඩා බොහොම හොඳින් ජීවත් වෙනවා...හිත කැඩිල යන තරන් වේදනා විදින්නේ නෑ.

දැන් හැමදාම මම කතා කරොත් විතරක් කතා කරන ඔයා...ඔහොම කෙනෙක්ට නෙමෙයි මම ආදරේ කරේ...මම කියන්න කලින් මගේ ඇස් දෙක කියෝපු සුන්දර මනුස්සයා...මම වෙනුවෙන් මාස තුනක් නිදිමරපු ඒ මගේ ජීවිතේ...අද කෝ? මම හොයන්නේ මගේ ජීවිතේ...ඒ මට මැරෙන්න ඕනි නැති නිසා....මට ජීවත් වෙන්න ඕනි මගේ රත්තරන්...මගේ ජීවිතේ අරන් යන්න එපා...

~නෙතුපුල්~