Monday, November 2, 2015

තනිකමේ සිතුවිලි...

ඝනදුරු රැයක සීතල නැති කරලන්න
බියකරු සිහිනයෙන් මා මුදවා ගන්න
පියකරු වදන් මා සවනත මුමුනන්න 
කෙදිනද එන්නෙ මා තුරුලට අරගන්න...

සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට 
දෙතොලත රැඳුනු පිණි බිඳුවක් පිසින්නට 
ගං දිය රැලක සිසිලස ගත වෙලන්නට 
හෙට දුර වැඩිය මග බලමින් හිඳින්නට...

~නෙතුපුල්~



"සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට" කියල මට ලියල දුන්න කළු හිම ගැන නොලිව්වොත් මම ආත්මාර්ථකාමී වෙනවා...මම හිතන්නේ ඒක තමයි මේ කවියට තියෙන ලස්සනම පදය...

8 comments:

  1. පිනිබිඳු සිඹිමි සිසිලස සිහිවන්න.............. කියා
    කවිපද ගොතමි දැකගෙන සැනසෙන්න.... ලියා
    රහසෙම සොයමි තනිකම නැතිවෙන්න .. නියා
    නෙතු තුල වෙසෙමි සදහට මගෙ වෙන්න .. ඔයා
    ..
    මල් පෙති විසුල ගං ඉවුරේ ඇවිද.......... යමූ
    අත් දෙක පටල මුදු සිහිනේ වෙලී ...........ඉමූ
    සිත් සතු සෙනෙහෙ නෙත් දෑලේ තවර... ගමූ
    පත් ඉරු කුමට දැං හමුවී සපථ ............. වෙමූ

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවියක්...මගේ කවියට වඩා ලස්සනයි... :) ස්තුතියි මගේ බ්ලොග් එක ලස්සන කලාට...
      "පත් ඉරු කුමට දැං හමුවී සපථ ............. වෙමූ" මේ පදයට තමයි මම වැඩියෙන්ම කැමති....

      Delete
  2. ලස්සනම ලස්සනයි........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැමදාම වගේ මේ පැත්තේ ඇවිල්ල මම ලියන කවි රසවිඳිනවට....

      Delete
  3. නෙතුපුල්, කවුරු කොහොම කාට කිව්වත් ලස්සන පද ගැලපුමක්. අප හැමෝගෙම හිත් තුල පවතින අහිංසක පැතුමක්... ඔයාගේ blog එක මම මුල ඉඳන් කියවපු කෙනෙක්. බොහෝමයක් posts වල පිටතට පෙනෙන රළු "සමාජ අසම්මතයක්" සමග හිත කීරි ගැහෙන සංවේදී සැගවුන කථාවක් දැනෙනව. පුද්ගලිකව මම ඒ සංවේදී කථාව ට ආදරය කරනව. ඒ වගේම අසම්මතයට වෛර කරනවා. මේ කවිය මගේ හිතේ රැදී පවතීවි. මොකද මම දකින්න අකමැති රළු සමාජ අසම්මතය මෙහි අන්තර්ගත නොවන හෙයින්.

    ඉඩ හසරක් ලැබුනොත් නෙතුපුල් ගෙන්, සිතුවිලි දහර ඒ සංවේදී කතාව අහන ඉඳියි රැයක් පහන් වන තුරු..

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක කියන්නේ මගේ ජීවිතේ ප්‍රධාන කොටසක්...ගොඩක් වෙලාවට සංකීර්ණ සිතුවිලි ගොඩකින් පිරිල තියෙන මගේ හිත බර වැඩි උනාම, ඒ නිසා මගේ ජීවිතේ අනික් වැඩ කරගන්න බැරි තරන් දුක හිතුනම ඒ සිතුවිලි අකුරු කරලා මම මේ බ්ලොග් එකේ ලියනවා...ගොඩක් වෙලාවට ඒකෙන් මගේ හිතට නිදහසක් ලැබෙනවා...

      ගොඩක්ම වෙලාවට මම සමාජ සම්මතයට විරුද්ධව වැඩ කරනවා තමයි...ඒ ගැන සිතුවිලි දහර බොහොම වෙලාවට මට අවවාදාත්මක අදහසුත් පල කරලා යනව තමයි...ඒ අදහස් එක්ක මම එකඟ උනත් නැතත්...හැමදාම මගේ බ්ලොග් එක එක්ක එකතු වෙලා ඉන්න එක නෙතුපුල් ට ගොඩක් වටිනවා....මොකද, කවුරුන්ද කියල නොදැනම මේ විදිහට මම ලියන දේවල් ගැන සංවේදී වෙන්න පුළුවන් වෙන්නේ සංවේදී හදවතකට විතරයි...

      මගේ කතාව බ්ලොග් එකේ ලියවුනු දේමයි...ඊට වැඩියෙන් දෙයක් නැහැ...මොකද ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම...දුකකදිම සහ සතුටකදි මම සටහනක් තබපු නිසා...එත් මුණගැහිලා කතා කරන්න අවස්ථාවක් ලැබුනොත් ඒක නං හරිම වටිනවා...

      Delete
  4. ලස්සනයි.................. සුපිරියි

    ReplyDelete