හවස බැස යන
හිරුගෙ කිරණට
පෙම් කලෙමි
මගෙ යැයි සිතා
එහිරු කිරණත
රැදුන උණුහුම
මගේ පෙති
විකසිත කලා...
සුමුදු මොලකැටි
එමල් පෙති මත
නපුරු පිණි බිදු
විසිරැනා
එබව දැන දැන
ලොවට පෙනෙනට
හිරුත් මුහුදේ
සැඟවුනා...
හිරුගෙ සරණක්
නොලැබ කඩුපුල
රැයේ තනියම
වැලපුනා
හිරුට බැදි පෙම
නිසා අසරණ
මලක් දිවියේ
තනිවුනා...
-නෙතුපුල්-
පළවෙනි වර , දෙවැනි වර නොවේ තුන්වැනි වරටත් තහනම් පෙමක් ලියලන්නේ ඇයි මගේ හිතේ...
ReplyDeleteඔයා නිම්නයක තනි වෙලා හින්ද වෙන්න ඇති.නිම්නයක් කොයි කන්දටත් අයිති නෑ නේ.හැමදාම කදු දෙකක් මැද්දේ තනි වෙලා ඉන්න එපා. අන්තිමට ඔය කදු දෙකම (සම්මත කන්ද හා අසම්මත කන්ද) ඔබෙන් පෝෂණය වෙලා නිකන් බලන් ඉදියි. එක කන්දකට නගින්න. තුන්වෙනි වර අසම්මතයක් ඕනි වෙන්නේ නෑ එතකොට
Deleteඒක කඳු වල ගතිය. කන්දට නැග්ගට පස්සෙ කන්ද එහා නිම්නය එක්ක මුකුළු කරනව බලන්න වෙනවට වඩා මේක හොඳ නැද්ද?
ReplyDeleteඒක කඳු වල ගතිය. කන්දට නැග්ගට පස්සෙ කන්ද එහා නිම්නය එක්ක මුකුළු කරනව බලන්න වෙනවට වඩා මේක හොඳ නැද්ද?
ReplyDeleteනිම්නයේ ඉන්නකොට කන්ද දැක්කට කන්දට නැග්ගහම පහල නිම්නය පැහැදිලිව පෙන්නේ නැති වෙයි ගස් වලින් වැහිලා. කන්දේ ජීවිතය දුෂ්කර උනාට නිම්නයේ ලස්සනත් එක්කම එන තීරණයක් ගැනීමේදී ඇති වන අපහසුතාව නැති වෙයි.හැම දේම සාපේක්ෂයි. ජීවිතයේ සතුටත් සාපේක්ෂයි. ජීවත් වෙනවා කියන්නේ ඒ හැගීම් සමතුලිත කරගෙන අතුරේ යන වැඩක්.අල්ලපු ගෙදර මිදුලේ තණකොළ ඔයාට නිල් පාටට පෙනුනත් ඒ ගෙදර අයට එහෙම පෙන්නේ නෑ
Delete