Monday, September 2, 2013

සමුදුර ඔබයි...


නුඹ දුරයි මට.....
කොයි තරම් පැතුවත්
කොයි තරම් හැඬුවත්
හිමි නොවන මහ සමුදුරයි ඔබ

ජීවිතය දිය කර
පුරවන්න සයුරු දිය
පෙරුම් පිරු ඒ හිස් අහස...මම...

වැසි දියෙන් නොපිරෙන
දියෙන් අඩුවක් නොම වන
ඔබට, මා දුන් දිය
වටින්නේ නැති වේවි
කිසි දින...

~නෙතුපුල්~




2 comments:

  1. හිස් අහස නොවී ඔබ
    හැඩුම්බර අහස වී
    සරු කරපන් කෙත් වතු...
    ඔබේ උණු කදුලෙන්
    පුරවපන් දිය කදුර ...
    ඔබේ උණු කදුලින්

    දිව ගිලෙන පිපාසෙට
    පිහිට නැති රළු මුහුද
    අතැර සිත දැඩි කොට
    අගයපන් උණු කදුල

    තුටු වෙයන් දැකීමෙන්
    සරු වූ කෙත්වතු..
    කදුරෙන් උපන් දිය පොද..

    ReplyDelete
  2. ළයෙහි තෙතමන නැති
    හිස් අහස වුයෙමි නිති
    දිය කරන්නට හරි
    දිය පොදක් නොතිබුණි

    කෙත අහස දුටුවා
    හිස් බවත් දුටුවා
    දිය ඔහුට තිබුනා
    බිඳුවක් නොදුන්නා

    සයුරමය දිය දුන්නේ
    මමයි ඉන් පණ ගන්නේ
    ඔහු වෙනුවෙනුයි දිවියේ
    සියලු දේ කැප කරන්නේ

    ReplyDelete