Sunday, October 20, 2013

හෙට දින...


සිතුරැල් පිබිදේවි කවි සිතුවිලි ඒවී
පදවැල් ගැලපේවි රස කවි ලියවේවී
නෙතුකැන් විහිදේවි මුදු දසුනක් වේවී
එනමුත් නුඹ නේවි මගෙ දිවියට පේවී...

කිසිවක් නොකෙරේවි තව දිනයක් ඒවී
එදිනත් නුඹ යාවි ඇය වෙතටම පාවී
දිනයක් තව යාවි මගෙ දිවියෙන් සේදී 
එදිනත් තනිවේවි, තනියම මියැදේවී...

~නෙතුපුල්~

4 comments:

  1. දෙසිතක් අතර තනි වූ ඔහු යලි ඒම
    සිතුමක් විනිද හද සතුටින් ඉපි ලීම
    සුවදක් නොවී ඔහු සිහිනෙන් තැව රූම
    දිනයක් දකී ඔබ ඔහු හා තුටු වීම

    ReplyDelete
    Replies
    1. තුටු වන්නට බැරිය ඔහු කවි කිව්වාට
      ඔහු ආවේ නැතිය දිවියට කිසිදාක
      සිත් මල් පුරා සිහිනයකින් දුටුවාට
      එක් වන්නේ නැතිය පෙරුමන් පිරුවාට...

      Delete
  2. sithu ral pibidenne rasa kawi pabadinna......
    naha miyulasiye obe aeee lesa nosithanna.....
    awasihi sihiya pada walakata galapanna.....
    mama yath darami eya oba teerum ganna....

    ~kalu hima~

    ReplyDelete
    Replies
    1. සිහියත් මුලාවත් මේ කොයිකත් ඇත්තේ
      නුඹගේ සිතෙහිමයි වටහා ගත යුත්තේ
      නුඹ ඔය සියලු දේ සඟවා ගෙන ඇත්තේ
      එය විසඳන්න මා හට අවසර නැත්තේ...

      Delete