අදරින් පිරි වදන් මට පවසන්න එපා
සුසුමන් මගේ මුව මත රඳවන්න එපා
සිත්මල් මගේ නැවතත් පුබුදන්න එපා
රෑ මැදියමේ මා හඬවා යන්න එපා...
සිතුවත් නොසිදුවන දේ මට කියනු එපා
කිසිදා නොම විඳින සිහිනය දකිනු එපා
නුඹටත් නොවැටහෙන ඒ බස් දොඩනු එපා
සැමදා කඳුළු බොන්නට ඉඩ හදනු එපා...
~නෙතුපුල්~
hiru desa bala sandu illlla tharu ganina......
ReplyDeletesithijaya soya welrale susuman helana......
kandulali wasa ganumata hasaral soyana......
ipademi maremi pasuwana hama mohothakama...
~ kalu hima ~
හිරු දෙස බලා සඳු ඉල්ලා හඬනු එපා
Deleteහිරුගේ සොඳුරු රැස් අපතේ යවනු එපා
සිතිජය සොයා වෙරළේ ඇවිදින්න එපා
පැතු ඒ අරමුණට පිටුපා යන්න එපා...
කඳුලැල් සලා සිත රිදවා ගන්න එපා
හසරැල් වසාගෙන ඔබ දුක් විඳිනු එපා
මැරි මැරි ඉපදෙන්න ජීවත් වෙන්න එපා
දිවියේ සුව විඳිමු, ඒ ඉඩ වසනු එපා...
diviyak koheda dinayak wath nomethi mata.....
ReplyDeletekaviyak kohedida panda galapanu nohaki wita.....
ketharam keewamuth theerum kara sondata.....
theerum nohe maaa miya gos bawa obata......
~kalu hima ~
නුඹ මිය ගොස් නොමැත ජීවත් වෙයි මසිතේ
Deleteඅපෙ ආදරය අප ජීවත් කරයි මෙසේ
අප වෙන් වුනොත් ඔබ මා මිය යාවි එසේ
මිය යන නොයන දෙක ඇත්තේ ඔබේ අතේ...
මේ මට ඔහු ලියල එවපු පිළිතුරු කවිය...
Deleteසිත කුළු ගනේවි ඔබගේ කවි දැකලා
පෑයූ නිසා අවපස පුරා සඳ නැගලා
පිණි බිඳු එකතු කොට මුතු මාලය ගොතලා
පබඳිමි කිවිදියේ ඔබෙ ගෙල වට ඔපලා...
~කළු හිම~
මගෙ ගෙල සරසන්න නුඹේ හසරැල් ඇතිය
Deleteමගෙ සිත සනසන්න නුඹේ වදනක් ඇතිය
මගෙ දිවි පණ එන්න නුඹ අවොත් ඇතිය
අපෙ දිවි සරුවෙන්න අප එක්වුවත් ඇතිය...