Monday, October 7, 2013

මට හිමි නොවුණු නුඹේ ප්‍රේමය...


මා වෙත බැඳෙන යලි විසිරෙන නුඹේ සිත
ආලෙන් බැඳුනු මා හද කරවයි සසල
ප්‍රේමෙන් තොර ලොවක් තිබුනෙ නැත මසිත
ඒ ලොව බැබලුවේ නුඹ පමණයි දසත

හැර එමි කියා කීවත් නුඹ ඒ දවස
හැර දා නොයයි නුඹ නම් ඈ කිසි දවස
හිමි වෙයි කියා සිතුවත් නුඹ මතු දවස 
නොම වෙයි ඒ සිහින ඇත්තක් කිසි දවස... 

~නෙතුපුල්~



1 comment:

  1. සිය දරු නැති සොවින්
    පසු තැවු විකල් මනසින්
    මග හසර පැටලෙමින්
    නොම වෙන් පටාචාරාවන්..

    සිය දරු නැති සොවින්
    අබ සෙවු නොමල ගෙයකින්
    දිවියෙ තතු අත් විදිමින්
    වෙන් ඔබ කිසා ගෝතමියන්...

    ReplyDelete