සිතුරැල් පිබිදේවි කවි සිතුවිලි ඒවී
පදවැල් ගැලපේවි රස කවි ලියවේවී
නෙතුකැන් විහිදේවි මුදු දසුනක් වේවී
එනමුත් නුඹ නේවි මගෙ දිවියට පේවී...
කිසිවක් නොකෙරේවි තව දිනයක් ඒවී
එදිනත් නුඹ යාවි ඇය වෙතටම පාවී
දිනයක් තව යාවි මගෙ දිවියෙන් සේදී
එදිනත් තනිවේවි, තනියම මියැදේවී...
~නෙතුපුල්~
දෙසිතක් අතර තනි වූ ඔහු යලි ඒම
ReplyDeleteසිතුමක් විනිද හද සතුටින් ඉපි ලීම
සුවදක් නොවී ඔහු සිහිනෙන් තැව රූම
දිනයක් දකී ඔබ ඔහු හා තුටු වීම
තුටු වන්නට බැරිය ඔහු කවි කිව්වාට
Deleteඔහු ආවේ නැතිය දිවියට කිසිදාක
සිත් මල් පුරා සිහිනයකින් දුටුවාට
එක් වන්නේ නැතිය පෙරුමන් පිරුවාට...
sithu ral pibidenne rasa kawi pabadinna......
ReplyDeletenaha miyulasiye obe aeee lesa nosithanna.....
awasihi sihiya pada walakata galapanna.....
mama yath darami eya oba teerum ganna....
~kalu hima~
සිහියත් මුලාවත් මේ කොයිකත් ඇත්තේ
Deleteනුඹගේ සිතෙහිමයි වටහා ගත යුත්තේ
නුඹ ඔය සියලු දේ සඟවා ගෙන ඇත්තේ
එය විසඳන්න මා හට අවසර නැත්තේ...