සෙව්වේ දිය බිඳකි කතරට දිවි දෙන්න
ඇසුනේ "පිණි පොදක් වෙමි, මා වෙත එන්න"
දුන්නේ ජීවයයි නුඹේ දිවි පණලන්න
ලැබුනේ හිරු රැසයි මා ගත වියලන්න...
වියැලුණු හදට ආලය ඕනෑ නැතිය
පැටලුනු කලට විසඳුම් ඕනෑ නැතිය
මියැදුණු කලට දිය බිඳු ඕනෑ නැතිය
නැතිවුණු කලට දිවියක් ඕනෑ නැතිය...
~නෙතුපුල්~
මෙහෙම විදවන්න එපා කියන්න මට බැහැ. මට හිතෙන හැටියට අද ඔබ විදවන අත්දැකීම රළු වුනත්, කාලයක් යන කොට විරහව තවත් ජීවිතයේ එක සිද්ධියක්, අත්දැකීමක් විතරක් වෙයි. ඔබ ඒ දිහා වෙනත් ඇසකින් බලයි. කාලය ප්‍රශ්න විසදුවේ නැති වුනත්, කාලය ඔබට වෙනත් කෝණයකින් විරහව දෙස බලන්න උදවු කරයි. මොකද ඔබ වයසින් මුහුකුරා යන විට, ඔබ ඔබගේ බැදීම් දෙස බලන විදිහ වෙනස් වෙයි. ඔබේ ප්‍රශ්න දෙස ඔබ තුන් වන පාර්ශවයක් ලෙස, පිටින් සිට බලන අයෙක් ලෙස බලන්න. ඔබටවත් අයිති නැති ඔබ, නැතිවූ දෙයක් ගැන දුක් වීම සාධාරණ ද? කල් යන විට ඔබ ඔබගේ ජීවිතය දෙස සිනමා පටයක් බලන අයුරින් බලයි. සමහර විට ඔබ එදාට එහි සුන්දරත්වයක් වුනත් දකින්න පුළුවන්. (මෙය මගේ පුද්ගලික අත්දැකීම් මගින් කියන දෙයක්)
ReplyDeleteහිතන්න මේ මුළු විශ්වයම ගත්තහම, ඔබ කියන්නේ කොච්චර ක්ෂුද්‍ර ප්‍රාණියෙක් ද?විශ්වයට සාපේක්ෂව අපි ජීවත් වෙන මෙච්චර පුංචි කාලයේදී, නොගිනිය හැකි තරම් කුඩා කාලයක් තුල ඇති වූ සිද්ධියක් නිසා, අප ඒ පුංචි කාලය විදවන එක මෝඩ කමක් හැටියටයි මගේ පුද්ගලික අදහස. අපිට අපිව "ලෝකය" වගේ දැනුනට, "ලෝකය" කියන්නේ අප නෙවෙයි. ලෝකය දෙස තමන ට සාපේක්ෂව නැතුව, හැකි තාක් නිරපේක්ෂව බලන්න උත්සාහ කරන්න.