Thursday, October 17, 2013

නැවත මා වෙත හැරුණු නුඹට...


අදරින් පිරි වදන් මට පවසන්න එපා 
සුසුමන් මගේ මුව මත රඳවන්න එපා 
සිත්මල් මගේ නැවතත් පුබුදන්න එපා 
රෑ මැදියමේ මා හඬවා යන්න එපා...

සිතුවත් නොසිදුවන දේ මට කියනු එපා
කිසිදා නොම විඳින සිහිනය දකිනු එපා
නුඹටත් නොවැටහෙන ඒ බස් දොඩනු එපා
සැමදා කඳුළු බොන්නට ඉඩ හදනු එපා...

~නෙතුපුල්~

6 comments:

  1. hiru desa bala sandu illlla tharu ganina......
    sithijaya soya welrale susuman helana......
    kandulali wasa ganumata hasaral soyana......
    ipademi maremi pasuwana hama mohothakama...

    ~ kalu hima ~

    ReplyDelete
    Replies
    1. හිරු දෙස බලා සඳු ඉල්ලා හඬනු එපා
      හිරුගේ සොඳුරු රැස් අපතේ යවනු එපා
      සිතිජය සොයා වෙරළේ ඇවිදින්න එපා
      පැතු ඒ අරමුණට පිටුපා යන්න එපා...

      කඳුලැල් සලා සිත රිදවා ගන්න එපා
      හසරැල් වසාගෙන ඔබ දුක් විඳිනු එපා
      මැරි මැරි ඉපදෙන්න ජීවත් වෙන්න එපා
      දිවියේ සුව විඳිමු, ඒ ඉඩ වසනු එපා...

      Delete
  2. diviyak koheda dinayak wath nomethi mata.....
    kaviyak kohedida panda galapanu nohaki wita.....
    ketharam keewamuth theerum kara sondata.....
    theerum nohe maaa miya gos bawa obata......

    ~kalu hima ~

    ReplyDelete
    Replies
    1. නුඹ මිය ගොස් නොමැත ජීවත් වෙයි මසිතේ
      අපෙ ආදරය අප ජීවත් කරයි මෙසේ
      අප වෙන් වුනොත් ඔබ මා මිය යාවි එසේ
      මිය යන නොයන දෙක ඇත්තේ ඔබේ අතේ...

      Delete
    2. මේ මට ඔහු ලියල එවපු පිළිතුරු කවිය...

      සිත කුළු ගනේවි ඔබගේ කවි දැකලා
      පෑයූ නිසා අවපස පුරා සඳ නැගලා
      පිණි බිඳු එකතු කොට මුතු මාලය ගොතලා
      පබඳිමි කිවිදියේ ඔබෙ ගෙල වට ඔපලා...

      ~කළු හිම~

      Delete
    3. මගෙ ගෙල සරසන්න නුඹේ හසරැල් ඇතිය
      මගෙ සිත සනසන්න නුඹේ වදනක් ඇතිය
      මගෙ දිවි පණ එන්න නුඹ අවොත් ඇතිය
      අපෙ දිවි සරුවෙන්න අප එක්වුවත් ඇතිය...

      Delete