Monday, October 14, 2013

මා වෙනුවෙන් නුඹ ලියු කවි...


අතේ තියෙන සල්ලි ඉවර වෙනකල් බිව්වම විතරයි ඔයාට මාව මතක් වෙන්නෙ...ඒත් කමක් නැහැ...එහෙම හරි මතක් වෙලා මෙහෙම මං වෙනුවෙන් ලිව්වනේ...හැමදාමත් වගේ මගේ කවි වලට වඩා ඔයාගේ කවි ලස්සනයි...ඒ කවි හැමදාම මගේ හදවත ඇතුලේ තියෙන වේදනාවට එකතු වෙනවා...දවසින් දවස වැඩි මිස අඩු නොවන ඒ තනිකම...හැම දෙයක්ම එපා වෙලා යන තරමට මාව රිද්දන ඒ වේදනාව...එක අතකට ඒ වේදනාවත් හොඳක්...මොකද මම තාමත් පණ පිටින් කියන එක මටම මතක් කරල දෙනවා...

හිනැහෙන තරමට හසරැලි සුන්දරනම්
වැළපෙන තරමට කඳුලැලි දුක්බරනම්
පවසන තරමට සෙනෙහස සුන්දරනම්
කෙලෙසක ඔබ මා විඳවන්නේ මෙතරම්...

ඇත්තටම...මම විඳවන තරමට ඔයත් විඳවනවද? එහෙනං ඇයි මේ වේදනාවල් ඉවරයක් කරන්න පුළුවන් දේ නොකරන්නේ? අනේ මන්ද...

මේ ඉවර කරන්න බැරි උන ඔයාගේ අනික් කවිය....මුල් පද දෙක විතරයි ඔයා එව්වේ...මම මට පුළුවන් තරමින් ඒක සම්පුර්ණ කලා...කවදා හරි දවසක මගේ බ්ලොග් එක කියෙව්වොත්...ඔයා කැමතිද කියල බලන්න...

අහසට තරු කැට සහසක් ආවත් කිසිදා එපා කියයිදෝ
සයුරක රල රැළි බිඳෙන තරමටම වෙරලක් හඬා වැටෙයිදෝ...
තරුවක රුව දැක බැඳුනු තරමටම හදවත සදා බැඳේදෝ
මලකට පෙම් බැඳ රොන් බිව් තරමට දිවියේ සදා රැඳේදෝ...

~නෙතුපුල්~ 

2 comments:

  1. මට මේ ගැන පිටින් බලන අයෙක් විධියට පේන එක දෙයක් තියෙනවා. එක්කෝ ඔහු අවස්ථාවාදියෙක්, නැතිනම් ඔබ මෙන් ගැටලුවකට මුහුණ දී විසදගන්න බැරුව විදවන අයෙක්. ඔහු මේ දෙදෙනාගෙන් කවුරු වුවත්, ඔබ ඔහු තේරුම් ගන්න උත්සාහ කරන්න, පුළුවන් තරම්. මට හිතෙනවා ඒක කියන තරම් ලේසි නැති බව. මිනිස්සු මේ වගේ වෙලා වලදී විදවනවා මම දැකල තියෙනවා, ඒත් හේතුව වත් නොදැන දුක් විදීම තේරුමක් නැති දෙයක් හැටියටයි මට දැනෙන්නේ. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. ඒත් ඔබ දෙදෙනාට කථා කරන්න බැරි දේ තුන් වන පාර්ශවයක් හරහා හරි කර ගන්න.

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් උපරිමෙන්ම මම තේරුම් ගන්න උත්සාහ කලා. මට පුළුවන් උපරිමයෙන් ඔහු වෙනුවෙන් කැප උනා...ඒ කිසි දෙකින් මට එයාව අයිති කරගන්න බැරි උනා...මට දැන් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා ඇතියි කියල මම හිතන්නේ නැහැ...වෙන දෙයක් වෙනකල් බලන් ඉන්නවා මිසක්...

      Delete