Tuesday, October 6, 2015

මලක් හිරුට කිව් කව...

Image result for flower under the sun painting

පෙති විදාලන මලක රොන් බිඳු
උරන්නට බමරුන් සිටියි
මගේ පෙති වල දැවටි යන්නට
දහස් බමරුන් මෙහි ඇදෙයි...

හිරු කිරණ ලද මලේ පෙතිවල
රැඳුනු උණුසුම තව තියෙයි
පෙම් කරන්නේ හිරුට පමණයි
ඇවිත් යන බමරුට නොවෙයි...

~නෙතුපුල්~


...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ...
පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html

8 comments:

  1. ලස්සනයි මචන් කලින් ලිව්ව කවියටත් ලින්ක් එකක් දාන්න එපැයි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...පරණ කවියට ලින්ක් එකක් දැම්මා...

      Delete
  2. ලස්සනම ලස්සනයි.........

    ReplyDelete
  3. අදමයි මේ පැත්තට ආවේ..

    ඔන්න තවත් කවියෙක් මුනගැහුනා.
    ඒ කවියගෙනුත් ලස්සන පබැදුමක් ..

    ReplyDelete
    Replies
    1. සතුටුයි මගේ කවි රස විඳින එක ගැන...ආයිත් මේ පැත්තේ එන්න...

      Delete
  4. අනේ මන්දා...................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මටත් හරියටම තේරෙන්නේ නැහැ ඉතින්...ජීවිතේ සමහර දේවල් අපි කරන්නේ සීයට සීයක්ම හරියට තේරුම් අරන් නෙමෙයිනේ... :)

      Delete