පෙති විදාලන මලක රොන් බිඳු
උරන්නට බමරුන් සිටියි
මගේ පෙති වල දැවටි යන්නට
දහස් බමරුන් මෙහි ඇදෙයි...
හිරු කිරණ ලද මලේ පෙතිවල
රැඳුනු උණුසුම තව තියෙයි
පෙම් කරන්නේ හිරුට පමණයි
ඇවිත් යන බමරුට නොවෙයි...
~නෙතුපුල්~
...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ...
පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html
පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html
ලස්සනයි මචන් කලින් ලිව්ව කවියටත් ලින්ක් එකක් දාන්න එපැයි.....
ReplyDeleteස්තුතියි...පරණ කවියට ලින්ක් එකක් දැම්මා...
Deleteලස්සනම ලස්සනයි.........
ReplyDeleteස්තුතියි... :)
Deleteඅදමයි මේ පැත්තට ආවේ..
ReplyDeleteඔන්න තවත් කවියෙක් මුනගැහුනා.
ඒ කවියගෙනුත් ලස්සන පබැදුමක් ..
සතුටුයි මගේ කවි රස විඳින එක ගැන...ආයිත් මේ පැත්තේ එන්න...
Deleteඅනේ මන්දා...................
ReplyDeleteහ්ම්ම්...මටත් හරියටම තේරෙන්නේ නැහැ ඉතින්...ජීවිතේ සමහර දේවල් අපි කරන්නේ සීයට සීයක්ම හරියට තේරුම් අරන් නෙමෙයිනේ... :)
Delete