Monday, October 26, 2015

අවසන් කවිය...



මතකයෙ  සියලු දේ කැටි කොට යලි දෙන්න
අවසන් වතාවට නොදැකම ඔබ යන්න...
ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්න
මගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...

~නෙතුපුල්~

3 comments:

  1. ජ්‍යෝතිෂයේ අලංකාර සංකල්පයක් තියෙනවා. හිරු යනු පියා වේ. සඳු යනු මව වේ. හිරු- පියා සිය ආලෝකයෙන් , සඳු නම් මව ව ආලෝකමත් කරවයි. හිරු කෘරයි. හැඟුම් වලින් තොරව සිය කාර්යය කරයි. හිරු ලෝක ධර්මතාවයනට අනුව සඳුට හා ජීවීන්ට සමානව සලකයි. සඳු සෞමය හැඟුම් බර, චංචල මනසකින් යුතු මාතෘත්වයයි. අපි ජ්‍යෝතිෂයේ උපන් දිනය ලෙස සලකනුයේ හිරු හා සඳු අතර ඇති සබදතාවයයි. ලෝක ධර්මතාවය එයයි.

    සඳු දිදුලන්නට හිරු අවැසි වුව ද තරු දිලෙන්නට හිරු අවැසි නැත. තරු වලින් හිරු ට හා සඳුට ඇති බලපෑම නොගිනිය හැකි තරම් කුඩා ය. තරු තමන්ගේ පාඩුවේ දිලිහුනා වේ. හිරු සඳු ව පෝෂණය කරමින් විශ්වීය ධර්මතා රකිමින් හිදිනු ඇත.

    ඔබ හා ඔහු පෙර දන්නේ යයි සිතා සිටි, ඔබත් ඔහුත් නොදන්නා බව නොදත් නිරපේක්ෂ යතාර්ථය මෙය ම විය නොහැකි ද නෙතුපුල්?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලස්සන අදහසක් ලියල ගියාට...හඳට එලිය දෙන ගමන් තරුවක් රසවිඳින්න ඉරට බැරි වෙයිද?

      Delete
    2. මම ඉස්සෙල්ල කිව්වේ, ඉර දන්නේ විශ්වයේ සනාතන ධර්මතාවයන් රකින්න පමණයි. තරු හා හිරු අතර බැඳීමක් නෑ. තරුවක් යනු තවත් ඉරක්. හිරු හෝ කිසියම් ජීවියකු විශ්වීය ධර්මතා නොරකින්නේ නම්, විශ්වයේ ඇති තුලිත බව බිඳ වැටෙනවා. නමුත් විශ්වය විසින් ම තුලිත බව රක ගන්න, එම ජීවින්ව විනාශ කර දමනවා. එය තවත් ජීවියකු හරහා, යමෙකු ගේ ශාපයක් හරහා හෝ ස්වභාවික ව්‍යසනයන් හරහා වෙන්න පුළුවන්. සමාජ මිනුම් හා විෂ්ව ධර්මතා 100% සමපාත නොවුවත්, ගොඩක් වෙලාවට සමාජය වැරදි/නිවැරදි ලෙස කරන වර්ග කිරීම එම ධර්මතා වලට ගැලපෙනවා. සමහර විට මගේ අදහසට ඔබ එකඟ නොවනු ඇත. මෙය මාගේ මතයයි. හිරු තරුවක් රස විදී නම් එය හිරුගේ ධර්මතාව නොවෙයි. එනම් ඉන්පසු ලැබෙන සැම ප්‍රතිඵලයටම් හිරු මුහුණ දිය යුතුම වෙනවා. ස්වාභාව ධර්මය යනු එයයි.

      Delete