කොහොමත් දිරා යන මගෙ කය රැක ගන්න
මොකටද තවත් දීගෙක යන්නේ හනික
තනිකම පොදුයි සැම හට මැරෙනා දිනක
ඒ වෙනුවෙන් කුමට වදවෙන්නේ සැවොම...
සිතනා බව දනිමි නුඹ මා ගැන නිතර
එනමුත් මවුනි නැත ඉඩ තව කෙනෙකුන්ට
දිවි මග හරිම සරලයි තනිකඩ කමට
ඒ දිවි මගට වෙනසක් ඕනෑ කුමට...?
~නෙතුපුල්~
මිනිස්සු කාලෙන් කාලෙට , තමන් කැමති විදිහට ලෝකය දකින්නට විවිධාකාර කන්නාඩි භාවිත කරනවා. මේ උපැස් වලින් දකිනුයේ හැගීම්, බලාපොරොත්තු වලින් පිරුණු චතුර් මානයයි.. අදාළ කාලයට ගැලපෙන කන්නාඩි හැමෝම භාවිත කරනවා නම්, හැමෝටම හැම දේම ගැටුමකින් තොරව පේන්න ගන්නවා. මොකද වයසට යන ඇය දන්නවා තරුණ ඇය පාවිච්චි කරන උපැස් යුවල ගැන, ඔවුනුත් එය භාවිත කර ඇති නිසා.. ඔයාගේ අම්මත් ඔයා ව දකින්නේ එයා ඒ කලේ භාවිත කරපු උපැස් යුවලට සාපේක්ෂව .. ඒත් ඔය වෙනස් කන්නාඩි යුවලක් පැළඳ උඩුගං බලා පිහිනන්නට යාම අවධානමක් හැටියට ඇය දකින එකේ කිසිම අසාධාරණයක් නැහැ. සත්‍යය නම් උඩුගං බලා පිහිනන බොහොමයක් දෙනා දුෂ්කරතා වලට මුහුණ දී සිය උපැස් යුවල බොඳ කරගැනීමයි. එවිට අම්මා පැමිණ සිය උපැස් යුවල පසෙකින් තබා ඔබට උදවු කරනු ඇත. නමුත් ඔබ වර්තමානයේ ඇයගේ උපැස් යුවල බොඳ වෙනු දැක දැක ඒ කැපවීම කරයි ද?
ReplyDeleteමම නං හිතන්නේ හැමෝම කරන්නන් වාලේ කරන අයයි කන්නාඩි දාගෙන ඉන්නේ...අඩුම ගානේ මම මට උවමනා දේ මොකද්ද කියලවත් දන්නවා...
Deleteමහා දුකක් ගැන කතාවක්... හරිම අගේට පද කීපයකට ගොණු කරලා... කතාව ගැනනම් ටිකක් සාකච්ඡා කළ යුතුයි කියලයි අපි නම් හිතන්නේ...
ReplyDeleteකතා කරමු :) මම බඳින්න ඕනි කියන එකට හැමෝම දෙන හෙතුව මම තනි වෙයි කියන එක...එත් ඉතින් දරු මල්ලෝ හදපු අපේ අම්මල දැන් තනි වෙලා නැද්ද...අපි එයාල ළග නැහැනේ...
Deleteඑක අතකට ඇත්ත ලෝකේ ගැන කලකිරිලා නෙවෙයි ඒත් ඉතින් කරන හැම වැඩක්ම තේරැමක් නෑ කියලා හොඳට කල්පනාකරලා බැලුවම හිතෙනවා. ඔනැවට වඩා බැඳීම් ඇතිකරගන්න එකනන් මහම වාතයක්. හොයන්නෙ නිදහස සතුට නන් ඉතින් කරන්න තියෙන හොඳම ඔප්ෂන් එක තනිවෙන එක තමයි.
ReplyDeleteහ්ම්ම්...එත් වැඩේ තියෙන්නේ කවුරුත් මේක තේරුම් ගන්නේ නැහැනේ...කොහේ හරි ගියාම කවුරු හරි කතාවක් ඇහුවම අපහු මාතෘකාව පටන් ගන්නවා... :(
Delete