Saturday, October 24, 2015

තනිකමේ උණුසුම...

මට නුඹ දැනෙන තරමට නුඹ හට මමද
දැනෙනා තරන් තව කිසිවක් සුන්දරද...
නුඹ හෙට ගියත් දුර ගමනක් තනිකඩව
ඔබෙ හද තබා ගමි මා ළඟ උණුහුමට...

~නෙතුපුල්~


පසුව ලියමි: දැනුයි මම දැක්කේ මේ මගේ 75 වන පොස්ටුව කියල. සිතුවිලි 75 කියන්නෙත් ලොකු ගානක්...ඒ ගැන වෙනම සිතුවිල්ලක් ලියන්න ඕනි...

2 comments:

  1. මිනිස්සු දුර ගමන් යනකොට, හැමෝටම පේන බඩු ගොඩක් උස්සගෙන යනවා වගේම, නොපෙනෙන බඩු පරිස්සමට භාර දීල තියල යනවා කාටත් හොරෙන්. ඒත් ඒවා සමහර වෙලාවට ඒ මිනිස්සුන්ටම අමතක වෙනවා ආපහු ගන්න. මොකද මිනිස්සුන්ට ඇත්තටම ජීවත් වෙන්න අවකාශ ලැබෙන්නේ පෙනෙන ලෝකයේ මිසක් නොපෙනෙන ලෝකයේ නොවෙයි.

    ඒත් ඉතින් පරිස්සම් කරන්න භාර ගත්ත අය පුළුවන් තරම් කල් කාටවත් නොපෙනෙන ලෙස පරිස්සම් කරලා ඒ අමතක වෙච්ච නොපෙනෙන බඩුත් එක්කම පෙනෙන මිනිස්සුන්ව හැර දමල යනවා.

    මෙහි නිදාන කතාව මම හරියට දන්නේ නැති උනත් පහු ගිය කවි කම් වලින් මට ලෙහෙසියෙන් කථාව ගලපා ගත හැකියි. මම ඒ කතාවේ ප්‍රායෝගිකව සිදුවිය හැකි අනාගත ප්‍රතිඵලයක් පෙන්නුවා විතරයි.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගෙම ජීවිත දුර ගමනක් තමයි...සමාජ සම්මත මට්ටමින් ගත්තම ඒ ගමන යන්න අපි එක එක්කෙනා ජීවිතේට එකතු කරගත්තට, හැමෝගෙම ජීවිත වල තනිකමක් තියෙනවා...කොයි තරන් දේවල් ලැබුනත්...කොයි තරන් අය තමන් අවට හිටියත්....අපි හැමෝම ඒ තනිකමේ ගිලිලයි ඉන්නේ...

      මගේ ජීවිතේ ඊට වඩා ටිකක් වෙනස්...උප්පතියෙන් මට ලැබුණු ආදරණීයයන් හැරුනම මගේ ජීවිතේ මට වෙන කවුරුත් නැහැ. ඒත් මම හිතනව සමාජයේ සාර්ථකයි කියල ලේබල් ගහන් ඉන්න මිනිස්සුන්ට වඩා හොඳට මට ආදරේ දැනෙනවා...ඒ වගේම ලැබෙන පොඩි දේ වුනත් මට සදාකාලික මතකයක් කරගන්නත් පුළුවන්...ඒ මතකයන් එක්ක මට අනික් අයට වඩා සන්තෝසෙන් ජීවත් වෙන්නත් පුළුවන්...

      හැම දෙනාටම හැම දේම ලැබෙන්නේ නැහැ...මගේ ජීවිතේ මට ගොඩක් දේවල් ලැබිල තියෙන නිසා...නොලැබුන දේ ගැන හිතල මම ජීවිතේ දුක් වෙන්නෙත් නැහැ...

      පරිස්සම් කරන්න මම බාර ගත්තු දේවල් අයිතිකාරයා දාල ගියාම...මං දුක් වෙයි....එත් මම ජීවත් වෙයි...ඊයේ වගේම අදත්...අද වගේම හෙටත්...

      Delete