
සිතුවිලි අතර සිරවි හිඳිනා වේලේ
ඔබේ නමින් ලියැවුණු මතකය අතරේ
කඳුළැලි ගලා යනමුත් දෙකොපුල් දෑලේ
සිත ගුලි කරන් මම සිටිනෙමි දිවා රැයේ
ඔබේ නමින් මා පුදකළ ආදරය
වටිනාකමක් නැති ලෙස අද අතරමග
මගෙ ජීවිතය කිසි කමකට නැති වුවද
අම්මා නමින් ජීවත් විය යුතුය මම
තැලි පිළි බන්දා සුදු සළු පිළි පළඳා
හේවිසි හොරණෑ බෙර නද හඬ පතුරා
කුලගෙට කැන්දා ගෙන ගියමුත් පෙරදා
මගෙ හිත අරන් යන්නට ඔබ සමත් උනා
කිසිදා නොමැති ලෙස ඉපදුණු ආදරය
ඔබේ නමින් පුදකළ බව දැනුනු කල
සැප සම්පත් හිත මිතුරන් සියලු දෙන
අතහැර දමා ඔබ වෙත ආවෙමි විගස
එදා ඔබ කියූ කවි පද අද කොහිද
එදා කියු සොඳුරු ඇමතුම් දැන් නැතිද
එක් වන්නට මැවූ පැතුමන් අමතකද
එක් සිත් වෙලා කල ප්‍රේමය මියැදුනිද
සිත ඉරිතලා ඇත යලි නොහැදෙන ලෙසට
හද මියැදිලා ඇත පෙම් නොකරන ලෙසට
ගත මියැදිලා උණුසුම් නොදැනෙන ලෙසට
මම මියැදිලා යලි පණ නොලැබෙන ලෙසට
~නෙතුපුල්~
No comments:
Post a Comment