Tuesday, May 14, 2013

සිතුවිලි අංක දෙක




හිත් එක් වෙන්න යන වෙලාව ගොඩක් පුංචි කියල හිතුවට හිත කැඩෙන්න යන්නේ ඊටත් වඩා පොඩි වෙලාවක් විතරයි කියල මට තේරුම් යන්න ගිය කාලය වැඩිද මන්දා. එත් මට නපුරු වෙන්න ඕනි උනේ නෑ. මට ඕනි උනේ ජීවිතේ විඳින්න...තනියෙන් නෙමෙයි ඔයත් එක්ක...ඒ වෙනුවෙන් දරන හැම උත්සාහයම පටන් ගන්නකොටම කැඩිල බිදිල යන්නෙ මගේ වැරද්දක් නිසාද කියල මට කියා දෙන්න කෙනෙක් නැති තරමටම මම තනි වෙලා.

මම හැමදේම කලේ ඔයා වෙනුවෙන්මයි මගේ රත්තරන්...ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ? මම හැමදේම අතෑරලා දාල ඔයා එක්ක ආවේ මට වෙන කරන්න දෙයක් නැති නිසා නෙමෙයි ඔයාට ආදරේ නිසයි  කියන සදාකාලික සත්‍ය ඔයා ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? 

මම ජීවිතේ කවදාවත් කරල නැති තරමට ඔයාට ආදරේ කරන නිසා ඔයා මට නපුරු වෙන තරම මට දරාගන්න බැහැ....මම ඔයාට නීති දාල කොටු කලේ නෑ නේද කවදාවත් මීට කලින්? ඔයාට තේරෙන්නේ නැද්ද මගේ මේ වෙනස ඔයාගේ හොඳට කරන දෙයක් කියන එක? වෙන කිසි ගෑනියෙක් නොකරන තරමට මම ඔයාගේ නිදහසට ඉඩ දුන්නා නේද මෙච්චර කාලයකට? එත් ඒකෙන් ඔයාට හොඳක් නොවෙන බව තේරුනාට පස්සෙයි මම ඔයාව සීමා කරන්න හැදුවේ...එහෙම කලේ ඔයා කාලකන්නි වෙනවා මට බලන් ඉන්න බැරි නිසයි. ඔයාගේ අතේ සල්ලි තියෙන කල් රට වටේ රවුම් ගහන්න ලෑස්ති වෙලා ඉන්න යාලුවෝ...හැමදාම උනත් බෝතලේට සල්ලි ගෙවන්නේ ඔයානන් බොන්න සෙට් වෙන ඔයාගේ විස්වාසවන්ත හිත හොඳ යාලුවෝ....හැමෝම ඔයාට විශ්වාසයි...මාව ඇරෙන්න...මගේ ජීවිතේ දෙවෙනි තැනට දාල ඔයා එක්ක ආපු මට ඔයා කරන චෝදනා...මම ඔයාව මරන්න උනත් පුළුවන්...මට ඔයාව මරන්න නෙමෙයි, අඩුගානේ ඔයාව දාල යන්න පුළුවන් උනානං...අද මම මිට වඩා බොහොම හොඳින් ජීවත් වෙනවා...හිත කැඩිල යන තරන් වේදනා විදින්නේ නෑ.

දැන් හැමදාම මම කතා කරොත් විතරක් කතා කරන ඔයා...ඔහොම කෙනෙක්ට නෙමෙයි මම ආදරේ කරේ...මම කියන්න කලින් මගේ ඇස් දෙක කියෝපු සුන්දර මනුස්සයා...මම වෙනුවෙන් මාස තුනක් නිදිමරපු ඒ මගේ ජීවිතේ...අද කෝ? මම හොයන්නේ මගේ ජීවිතේ...ඒ මට මැරෙන්න ඕනි නැති නිසා....මට ජීවත් වෙන්න ඕනි මගේ රත්තරන්...මගේ ජීවිතේ අරන් යන්න එපා...

~නෙතුපුල්~

No comments:

Post a Comment