Saturday, May 18, 2013

සිතුවිලි අංක හත


හැමතිස්සෙම මමම වැරදි වෙන්න පුලුවන්ද? මම දන්න තරමින්...මිනිස්සු කියන්නෙ සීයට සීයක් හොඳවත් නරකවත් ජාතියක් නෙමෙයි. ඒත් මගේ ජීවිතේ සම්බන්ද දේවල් වලදි හැම වෙලේම මම වැරදි වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නැහැ...කවුරු එක්ක කතා කලත්...අන්තිමේදි ඔප්පු වෙන්නෙ මගේ වැරැද්ද කියලයි...මට පිස්සුද? මම කොහොමද ඒක තේරුම් ගන්නේ?

ඔයත් මට මගේම හිත තේරුම් කරලා දෙන්න ගොඩක් උත්සාහ කලා ඒ කාලෙදි...චිත්‍ර ඇඳගෙන...කවි ලියාගෙන...උදාහරණ හද හදා....කොයිතරන් දේවල් කලාද...මුලින්ම කියද්දි කට උත්තර නැතුව ගියාට අඩුමගානේ රෑ එළිවෙනකල් කල්පනා කරල පහුවෙන්දට හරි බොහොම සංකිර්ණ ප්‍රශ්නයක් මම ඔයාට හදාගෙන ආවම...ඒකටත් ඔයා බොහොම ඉවසීමෙන් උත්තර හොයල දුන්න හැටි මට මතකයි හොඳට...එහෙම කරලා ඔයා මට කියදුන්න ජීවිතේ තමයි මම මේ හොයන්නේ...ඒත් ඇයි දැන් මට ඔයා කලින් වගේ උදව් කරන්නේ නැත්තේ ඒක හොයාගන්න?

මගේ ජීවිතේ හැමෝටම ප්‍රෙහෙලිකාවක් වෙලා...මම ආස නැහැ ඒකට...මම ආස නෑ මගේ දේවල් ගැන අනික් හැමෝටම ප්‍රශ්ණ තියෙනවට...එක අතකට බලද්දී මම කාගේවත් ජීවිත ප්‍රශ්ණ කරලා නෑ...ඒත් ගොඩ දෙනෙක්ට මාව ප්‍රශ්නයක්...හැමෝම මගෙන් එක එක දේවල් අහද්දි මට බොරු ගොතන්න අමාරුයි...ඒක ඔයා හිතන විදිහට වගේම අනික් ගොඩක් දෙනෙක් හිතන විදිහටත් මගේ මෝඩකම වෙන්න ඇති. ඒත්...මට තේරෙන්නේ නෑ කොහොමද මිනිස්සුන්ට බොරු කියල ඒවා මතක තියාගන්නේ කියල...අද එකක් කියල හෙට ඒ කිව්ව එක මතක නැත්තන් මම කොහොමද ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? මට තේරෙන්නේ නෑ...මට ඕනි සරල ජීවිතයක්...මම හරිම කැමතියි මට මගේ පාඩුවේ ඉන්න අනික් අය ඉඩ දෙනවනං....

~නෙතුපුල්~


No comments:

Post a Comment