Tuesday, September 1, 2015

බිඳුණු සිතුවිලි...



නුඹ නිසා මා නෙත් අගින් ආ
කඳුළු ගැන නුඹ නොදන්නේ
නුඹ නිසා මා පැතු පැතුමන්
කිසි දිනෙක නෑ දැනෙන්නේ...

අහස ඉල්ලා හඬන දරුවෙක්
වගෙයි මට මා දැනෙන්නේ
බිඳුණු දිවි මග සොයන බවකුයි
මෙදින මා හට සිතෙන්නේ...

සෙනෙහසින් මා සිතින් බැඳුනත්
නොමැත පාරමි පුරන්නේ 
නුඹ මගේ නොව මා නුඹේ නොව
එයයි උරුමය මේ භවේ...

~නෙතුපුල්~

2 comments:

  1. නෙත් අගින් වට කඳුලූ බිඳු ගැන කුමට කම්පා කරන්නේ..
    අනෝරා මහ වැසි පවා මිහි මෑණි තනිවම දරන්නේ..

    ReplyDelete
    Replies
    1. වැසි ඉබේ වැටුනත් පොළෝ තල නුඹයි මා සිත තලන්නේ
      නපුරු වුන තරමකට නොදැනෙන හැඟුම් ගැන නුඹ නොදන්නේ...

      Delete