Friday, November 20, 2015

(අ)හිමි

සොඳුරු මොහොතක් 
ගෙවෙන සැම කල
අහිමි බව නුඹ
සිහි කරමි මම...

~නෙතුපුල්~

6 comments:

  1. උපුල් නෙතු යුග දකිනු රිසියෙන
    පෙනෙන නොපෙනෙන දුරට ඇදුන ද
    පෙනෙන යදමින් බැඳුන මා ගත..
    තොර කරයි මා පතන ඉසිඹුව

    සොඳුරු මොහොතක් පතන මා සිත
    නොසඟවා සන් කරයි මා අද ...
    සිහින් හුයෙකින් බැදී ගිජිදු බව
    යදම සිදුනද හුය නොබිදි බව

    ඇතුන් බැඳ දමන සිහින් දම් වැල ඔවුන් කඩා බිද නොදමනුයේ ඇත්තටම ඔවුන් එය බිදිය හැකි බව නොදන්නා නිසා ද...
    නැතිනම් ඇත්තටම එය සිහින් හුයක් ලෙස දැක දැක, එය බිද ගතහොත් ලැබෙන "නිදහස", නිදහසේ නොහැසුරුනු ඇතුට නිදහසක් ලෙස නොහැගෙන නිසා ද ?

    මෙය මගේ අතිශය පුද්ගලික ආසන්න අත්දැකීමක්. පොස්ටයට 100% ක් අදාළ වෙන්නේ නැද්ද මන්ද ..අතිශයින් ම අවිවේකි නිමේෂයක මේක ලියන්නත් හේතුව මේ "පැටලුම ම" තමයි ..
    නෙතුපුල්ටත් එහෙම අත්දැකීම් ඇති ...

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවියක්...මට නම් හදවතේ පතුලටම දැනුනු අර්ථයක්...
      උත්තරයක් විදිහට ලියන්න දෙයක් හිතට එන්නෙත් නැහැ සිතුවිලි දහර, මේ කවිය කියවල මගේ හිත හොඳටම පැටලිලා තියෙන්නේ...

      මේ කොයි දේත් එකම තැනකටයි එකතු වෙන්නේ අන්තිමේදී...කිසි කෙනෙක් සමාජ බැඳීම් බිඳින්නේ නැහැ...එතකොට සමාජෙට පෙන්නන මුහුනද ද සත්‍යය? එහෙම නැත්තන් සොඳුරු මොහොතක පෙනෙන මුහුනද? එහෙම නැත්තන් මේ දෙකම බොරුවක්ද?

      Delete
  2. ලස්සනයි.............. අගෙයි

    ReplyDelete