Monday, November 9, 2015

සමාජ සම්මත

සමාජ සම්මත මුලාවේ පැටලුනු ඔවුහු
මා දෙසට ඇඟිලි දිගු කර
අසම්මත යැයි චෝදනා කළහ
සම්මතය වර්ණනා කළහ...

එහෙත්...

අවස්ථාවක් ආ කල
සම්මතයට පිටුපා
අසම්මතය රස විඳිනට ඇති ඇල්ම
සඟවා ගැනීමට අපොහොසත් වුහ...

~නෙතුපුල්~

ප.ලි. ව්‍යාකරණ වැරදි පෙන්නලා දුන්න ඇනෝ ට ගොඩක් ස්තුතියි....

9 comments:

  1. කවිය ගති ඒකෙ දෙකක් නෑ...
    මේක වැරැද්දක් නෙමේ මචන් කවිවලට ව්‍යාකරණ අදාළ නෑනෙ. ඒත් උඹ 'වර්ණනා කළහ' කියලා තියෙන නිසා මේක කියන්නේ.
    ඔවුන් ඔවුහු වෙලා අවසාන පදේ අපොහොසත් වූහ වුණා නම් හරි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි වැරදි පෙන්නලා දුන්නට. සිංහලයෙක් වෙලා සිංහල හරියට ලියා ගන්න බැරි උන එක ගැන මටම ලැජ්ජයි....මම මේක නිවැරදි කරන්නම්...අපිට කොයි තරන් දේවල් ඉගෙන ගන්න තියෙනවද...අපි දන්නවා කියල හිතන් ඉන්න දේවල් වලම....ස්තුත්යි ආයිමත්...

      Delete
  2. Replies
    1. ස්තුතියි...මම හිතුව ගොඩක් දෙනා බැනල අදහස් ප්‍රකාශ කරයි කියලත්...

      Delete
  3. නෙතුපුල්, ඔබ නිවැරදියි.. මට හැගෙන හැටියට...

    සමාජ සම්මතය යනු මුලාවක් නොව සමාජයේ ප්‍රගමනය උදෙසා පවත්වාගෙන යන්නක්. සමාජයක් යනු විවිධාකාර පුද්ගලයන්ගේ එකතුවක්. සම්මතය සැම විටම බාහිර තළයේ යහ පැවැත්ම උදෙසා පවතින්නක්. අවාසනාවට අපි කැමති උනත් අකමැති උනත් මානුෂිය සබදතා සම්මතයේ සීමාවන් ඔබ්බට යෑම වැළක්විය නොහැක්කක්. එහෙත් සමාජය විසින්ම / සමාජයේ පුද්ගලයන් විසින් ම එම සමාජ සම්මතයන් බාහිරව රකිමින් "අසම්මතයේ" යෙදෙනවා.

    එය සමාජයීයව යහපත් ප්‍රවනතාවක්. එහිදී උඩුගම් බලා යන්නා සමාජය විසින් හෙළ දකිනවා. එය තමයි ප්‍රායෝගිකත්වය.

    හින්දු දහමේ මහා විෂ්ණු ගේ ව්‍යුත්පන්නය වන අති ශ්‍රේෂ්ට ක්‍රිෂ්ණා වෘන්දා වනයේ ගෝප (පුරුෂ) ගෝපින්(ගැහැණු) පිරිවරා උපරිම සතුටින් කාලය ගත කල බව සදහන් නමුත් “ගෝප” පිරිවරා සිටීම උගැන්වීම් වලින් බැහැර කරනවා. එනම් සත්‍යය සම්මතය විසින් ගිල ගන්නවා. එසේ නොවුයේ නම් බැතිමතුන් එය සමාජ සම්මතයක් ලෙස සලකා එසේ හැසිරුනි නම් සමාජය කෙසේ විය හැකි ද?

    මරිය මද්ගලේනා නම් ගණිකාව ට, “අසම්මතයේ” නොයෙදුන පුද්ගලයා ට පළමු ගල ගසන්න යයි කියූ යේසුස් වහන්සේ “සම්මතයට” පටහැනිව ඇය හා පසුව එක්ව සිටීම බයිබලයෙන් ඉවත් කරනුයේ “සම්මතය” රැක ගනුමටයි.

    මම සමාජයීය විශ්ලේෂකයෙක් නෙවෙයි. නමුත් මිනිසුන් සමාජයීය බැදීම් වලින් යම් තාක් දුරට බැදී සිටිය ද, යම් කිසි දිනෙක එම බැදීමේ “සීමාව” බිදෙන විට එය සමාජය ට “නොපෙනෙන්නට” බිදීම සමාජයේ යහපැවැත්මට හේතු වෙනවා (මෙය සත්‍යවාදී නොවේ. මා එය පිලිගන්නවා). එම බිදින පුද්ගලයා සිතන කෝණය පමණක් ඔහුගේ විඳීම හෝ විඳවීම තීරණය කරනවා.

    Naked Truth (නිරුවත් සත්‍යය) සමාජය තුල විලි වසා ගැනීමට හැම විටම දුහුල් සළු සොයනවා. සම්මතය යනු එම දුහුල් සළුවයි. අයෙකු මෙය සීතාම්බර සළුව ලෙස දැකීමෙහි ද වරදක් නැති වුව ද , ඔබ බහ තෝරන අයෙකු නොවේ නම් සීතාම්බර සලුවේ නිරුවත පවසන ඔබ රජුගෙන් හිස ගැසුම් ලබනු නියතයි.

    නිරුවත් සත්‍යය “කුනුහරුපයක්” මිස අන් කිසිවක් නොවන බව මේ දිගුව හරහා දකින්න. (නෙතුපුල්, මෙම දිගුව නොගැලපේ නම් ඉවත් කරන්න) මෙය සමාජ සම්මතය හා නිරුවත් සත්‍යයේ ගැටීම හා ඒ හරහා මිනිසුන්ගේ පශ්චාත්තාපය පැහැදිලි කිරීමක්, මට හැගෙන හැටියට.
    http://boondionline.blogspot.com/2009/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඇත්ත...එත් ඇත්ත උනත් කොයි තරම් බොරුවක්ද...කියපු අදහසටත්, බූන්දියට මග පෙන්නුවටත් ගොඩක් ස්තුතියි...මම හිතපුවට වඩා එහා ගිහින් සිතුවිලි දහර හිතල තියෙනවා...තව ටිකක් හිතන්න ඕනි...උදේ ඇහැරුන ගමන් මේ අදහස් කියෙව්වේ...මේ බුන්දිය කියෙව්වට පස්සේ නං ඔලුව ටිකක් විකාර උනා...ආපහු හිතන්න ඕනි...

      Delete
  4. කාලෙකට පස්සෙ ලස්සන නිසඳැසක් ලියල. කවියක් ගීතයක් විදිහට ලියනවනම් මෙයටත් වඩා ලස්සන වේවි. මට මතක් උනා "ලඳුනේ..." ගීතය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මම හිතුවෙම නැහැ මේක ලස්සන ඇති කියල...එවෙලේ හිතට ආපු දේ ලිව්වා...ඇත්ත...ළඳුනේ ගීතය කොයි තරන් ලස්සනට මේ යතාර්ථය පෙන්නනවද...මට එච්චරම හැකියාවක් නැහැ ඉතින්...මම කවි කාරයෙක් නෙමෙයි...හිතට එන දේ අකුරු කරන කෙනෙක් විතරයි....

      Delete
  5. මට නම් සම්මතයයි අසම්මතයයි අතර වෙනස මොකද්ද කියන එක ගැටළු සහගතයි. එක වෙලාවකට සම්මතය අමතක කර අසම්මත දේ කියන කරන අප තව වෙලාවකට ඒ දේම සම්මතය කියල සීමාවන් හදා ගෙන පසු තැවෙනවා.එහෙම වෙලාවට අනෙක් අය සමග මත ගැටුම් පවා ඇති කරගෙන හිතින් විඳවනවා..එත් එක දෙයක් මම දන්නවා.. කෙනෙක් තව කෙනෙක් ගේ හිතට ලංවෙන තරමට සම්මතය හා අසම්මතය යනු වචන දෙකක් විතරයි. එත් ඒ ලංවීම අස්ථායි (fragile).. හැගුම්බරයි,.. හැගීම් ස්ථාවර නැහැ.. වෙනස් වෙනවා හැම වෙලාවේම.. පුද්ගලිකව එම අස්ථායි බව ඉතාම වේදනාකාරියි'

    ReplyDelete