අඳුරු රැය ගෙවෙනා තුරා
සොඳුරු සිතුවම් හද පුරා
තුරුළු කරගෙන - නුඹේ උරහිස
මා සුසුම් රැල් දැවටුණා
තුෂර බිඳු තණ පියලි මත්තේ
මුතු පබළු සේ දැවටුණා
හිරු කිරණ ඒ පබළු ඔස්සේ
සුසම් රැල් විහිදාලුවා...
සඳුට පමණක් පෙනෙන සෙනෙහස
හිතේ කොනකට සිරවුණා
හිරුට හිමි ලොව පිණි බිඳුව මම
බලා ඉමි රැය එන තුරා...
~නෙතුපුල්~
අගනා පද ගැලපුමක්. හිරු කිරණ පිනි බිදුව දිදුලවා වැය කරනකොට පිනි බිදුව සිතන්නට නැතුව ඇති එය සිය දිවි හානි කර ගැනීමක් විදිහට.. නමුත් සෞම්ය සද එලිය පිනි බිදුව උපදවනවා වගේම පිනි බිදුව වැය නොකිරීමටත් වග බලාගන්නවා.. රළු මසැසක් ඇති අයෙකුට හිරු එළියෙන් දිලෙන පිනි බිදුව පෙනෙනවා වගේම සියුම් මනසක් ඇති අයෙකුට රැයේ සද එළියෙන් දිදුලන පිනි බිදුව පෙනෙනවා. එනම් පිනි බිදුව අයිති හිරුට වත් හිරුගේ ලොවට වත් නොවෙයි. ඔයත් කියන විදිහට සෙනෙහස පෙනෙන, පිනි බිදුව ඉපදවූ සදට පමණයි පිනි බිඳුවේ අයිතිය. පිනි බිදුව ට නැවත රැයක් එනතුරු බලාගෙන ඉන්න හැකියාවක් නැහැ, මොකද හිරු රැය උදා වෙන්න කලින් එය වැය කර හමාරයි. මම දකින ජීවිතය හිරුගෙන් තදින් දිදුලා ඉක්මනින් මිය යන පිනි බිදුව නොවෙයි, සදුගෙන් ඉපිද සදුගේ එළියෙන් බබලා සදුගේ ඇකයේ රැය පහන් කරන පිනි බිදුවයි :)
ReplyDeleteඑක දෙයක් ඇරෙන්න අනික් හැම දේම මම හිතපු විදිහටම තේරුම් අරන් ලියපු කොමෙන්ට් එකක්...හඳ එළියෙන් ඉපැදුණු පිණි බිඳුව දවල් ට මිය යන්නේ නැහැ...ඒත් දවල්ට පිණි බිඳුවක හැඩය ඇයට නැහැ. එත් කියන්න බැහැ ඇය මිය ගිහින් කියල...රෑට අලුත් පිණි බිඳුවක් වගේ ඉපදෙන්නේ කලින් දා රෑ සඳේ සෙනෙහස විඳපු පිණි බිඳුවම තමයි...පිටින් බලද්දි හඳ වෙනස් වෙලා කියල හිතුවට...පිණි බින්දු අලුත් වෙලා කියල දැනුනට...කිසි දෙයක් වෙනස් වෙලා නැහැ...
Deleteස්තුතියි මගේ අදහස් රස විඳලා කොමෙන්ට් කරලා ගියාට...
ලස්සනයි මචන්..
ReplyDeleteගීයකට උචිත ලෙස ලියවී තිබෙනවා..
ජයවේවා!