Sunday, March 15, 2015

අත්වැලක් නොවුනාට සෙවනැල්ල වූ නුඹට...

Image result for shadow following a girl

ගතින් දෙදෙනක් වෙමින් සිත් පෙමින් බැඳුනාට 
සිතින් එක තැන් වෙමින් වදන් නොම කිව්වාට 
නෙතින් නෙත පටලමින් පෙමින් ලං නොවුනාට 
සිතින් මා තනි නොකළ සෙවනැල්ල වුනා මට...

~නෙතුපුල්~

5 comments:

  1. සැබෑ අාදරය..................

    ReplyDelete
    Replies
    1. ඔව්...මමත් එහෙම හිතනවා...

      Delete
  2. නෙත් කෙවෙනි අග රැදුණු කදුළු බිඳු පිස දැමූ
    බිඳුණු සිත බැඳ තබන රන් හුයක් නොම තැනූ
    ගතින් ගත බැඳී දහම කිසි දිනෙක නොම පැතූ
    සෙවනැල්ල වුනෙමි ඔබ අඳුරු දින නොම දුටූ

    - අර වතුර වැලක් ළඟ ඉන්න "ගෙම්බියෙක් ගේ :P" photo එකට වඩා ගැලපෙන එකක් දාන්න..

    ReplyDelete
    Replies
    1. සිත බඳින සෙනෙහසේ සුවඳ ඕනෑ නැතිද
      ගත බැඳුනු ඒ පහස නුඹේ මතකේ නැතිද
      පිස දැමුනු කඳුළු බිඳු නුඹ නෙතේ ගෑ වුනිද
      සිත තවත් රිදවමින් දිවි මගේ තනි වුනිද?

      Delete
    2. ප.ලි. පිළිතුරු කවිය අදාල වෙන්නේ ඇනෝ විය හැකි දහසකුත් දෙනා අතරින් එක් අයෙකුට පමණි :D

      Delete