Friday, January 10, 2014

එදවස...


ගලා එයි කළුවර
මැකී යයි හිරු සයුරු දිය මත..
බොඳව යයි දසුනද
හිස්ව යයි මී බඳුන් එකිනෙක...

වදන් රැල් මතුවී
සිතෙහි කුසුමන් පිබිදී
සිනා කැන් ඉතිරී
කලා පැතුමන් නුඹත් එක්වී...

පැතු ඒ පැතුමන්
සැබෑ කරනට මතු සදාකල්
වෙහෙසුනත් මා සැමකල්
නොසිටියා නුඹ මගේ ලඟ නම්

~නෙතුපුල්~

6 comments:

  1. මගේ කතාව වගෙයි ඔබේ කතාවත් නෙතුපුල්,අපේ කතාවල ප්‍රධාන චරිතයත් ගොඩාක් සමානයි.....එකම චරිතයක්ද කියලත් සැකයි.....!!!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්...මොකද...එයාගේ ජීවිතේට ලං වෙලා මෙහෙම විඳවන්නේ මම විතරක් වෙන්න බැහැ. මම දන්න තරමට තව ගොඩක් අය මෙයා නිසා ජීවිතේ අතරමන් වෙලා තියෙනවා...මම කැමතියි ඔයා එක්ක කතා කරන්න ඔයා කැමතිනං...

      Delete
    2. http://nethupulgesithuwili.blogspot.com/2013/09/blog-post_27.html
      මේ කවිය මගේ ජීවිතේ වෙනස් කරන්න ගොඩක් උදව් වුන කවියක්....

      Delete
  2. මමත් කැමතියි ඔයත් එක්ක කතා කරන්න,ඔය එකෙ තියෙන කවියෙන් තමයි මට හිතුනේ ඔය මම දන්න පුද්ගලයා කියලා,ඔය කවිය මම දෙපාරක් විතර අහලා තියෙනවා.සමාවෙන්න හිත රිද්දවන්න නෙමෙයි කිව්වෙ.ඔයාට වෙන්නත් ඇති ඔය කවිය ලියලා තියෙන්නෙ....:)

    ReplyDelete
    Replies
    1. හිත රිදෙන්න තරන් දෙයක් දැන් ඉතුරු වෙලා නෑ...ඒත් මම කැමතියි ඇත්ත දැනගන්න...මේ කවිය ඔයා අහල තියෙනවනන් අපි දෙන්නම කියන්නෙ එකම කෙනා ගැන වෙන්න ගොඩක් ඉඩ තියෙනවා...මොකද මම හිතනව කවුරු වෙනුවෙන් ලිව්වත් මේක එයාගෙම නිර්මාණයක් වෙන්න ඕනි කියල...ඒත් ඉතින් කාලෙකදී ඇත්ත කියල හිතන් හිටපු දේවල් බොරු කියල ඔප්පු වෙන්න ගිය පුංචි කාලේ මතක් වෙද්දී මේකත් බොරුවක් වෙන්න පුළුවන් :)
      මට ලියන්න...nethupulgesithuwili@gmail.com

      Delete
  3. මට වුන දෙයමයි "කාලෙකදී ඇත්ත කියල හිතන් හිටපු දේවල් බොරු කියල ඔප්පු වෙන්න ගිය පුංචි කාලේ මතක් වෙද්දී මේකත් බොරුවක් වෙන්න පුළුවන්" මම ඔයාට ලියන්නම් :)

    ReplyDelete