Monday, November 25, 2013

නුඹ වෙනුවෙන් ලියැවෙන මගේ සිතුවිලි...


මතකය පිරී ඇත නුඹ ගැන සිතුම් රැලින්
සවනත පිරී ඇත නුඹ කිව් වදන් වලින්
සැමදින පිරී ගිය නුඹ සිත සෙනේ මලින් 
අමතක නොවේ එය කිසි දින මගේ සිතින්....

හැරදා පැමිණි මුත් නොගියෙමි නුඹේ සිතින්
හැරදා ගියත් නුඹ ගියෙ නැත මගේ සිතින්
සැමදා මා නුඹට ආලය කරමි සිතින්
සැමදා සුබ පතමි නුඹ හට මගේ සිතින්... 

~නෙතුපුල්~

1 comment:

  1. පෙර පෝස්ටයේ කල ඉල්ලීමට හිත අවසර නොදී ඇති හැඩයි....

    ReplyDelete