Sunday, November 17, 2013

අපේ දුක්බර සංවාද....

~කළු හිම~
සඳ පමණක්ද තරු වල තනියට ඉන්නේ
හිත හඬවන්න ඇයි ඔබ මසිතට එන්නේ?

~නෙතුපුල්~
සඳ පමණක්ය තරුවේ තනිකම දන්නේ
දුක් දෙන්නට නොවේ ඔබ සිත මා ඉන්නේ....

~කළු හිම~
සීතල සොයා පිනි බිඳු මා වෙත එද්දී
දවසක් ගෙවාගන්නට මා වෙහෙසෙද්දී
හදවත් ඔබම ඉල්ලා මා රිදවද්දී
මොහොතින් මොහොත මිය යමි යලි ඉපදෙද්දී

~නෙතුපුල්~
පුද දුන් ආදරය ඔබ හට නොදනුනිද
දිය කල ජීවිතය නිමි බව නොපෙනුණිද
හිමි වූ සියලු දේ නැති බව නොහැඟුනිද
තවමත් නුඹේ සිත යලි පන නොනැගුනිද?

~කළු හිම~
පුද කල සියලු දේ පුදසුන මත රන්දා
දිය කල හල ඔබේ දිවියත් මා හින්දා
කල හැම දේම ගඟකට කපු ඉනි හින්දා
සෙනෙහස වයිරයට පෙරලේදෝ මන්දා......

මෙතනින් එහාට පිළිතුරු කවියක් ලියන්න මට හයියක් තිබුනේ නැහැ...මගේ සෙනෙහස වයිරයකට පෙරලෙන්නේ නැති බව ඔයා මේ වෙද්දී දැනගන්න ඕනි නේද...?

~නෙතුපුල්~

2 comments:

  1. interesting dialogue.....

    1st poem shows the lustful, sentimental nature of the gal which made him apart. Guy thinks gal has more than one boy friend. But the answer for that seemed to have changed his perspective.

    2nd poem from him shows how he suffers..
    Last poem shows how he repents because he "dumped?" her. First poem contradicts with the rest...
    As I see, the guy is with confused mindset due to unknown reason, while gal seems to be still committed.

    ReplyDelete
    Replies
    1. හිතවත් ඇනෝ...
      ලියල තියෙන විචාරය හරියටම හරි...පලවෙනි කවිය අන්තිම කවියේ තේරුමත් එක්ක ගැලපෙන්නේ නැහැ කියල ඔයාට හිතෙන්නේ අපේ කතාව ඔයා හරියටම නොදන්න නිසයි...මුළු කතාවම ඒ හැටියෙන් බ්ලොග් එකේ ලියන්න බැරි නිසා මම මෙහෙම කියන්නම්...අපේ ජීවිත කතාව ගලපද්දී අන්තිම කවිය මුලටත්, පලවෙනි කවිය අන්තිමටත් දාල කියෙව්වොත්...මම හිතනව ඔයාට තේරුම් යාවි කියල...

      ස්තුතියි මගේ බ්ලොග් එක කියවලා අදහස් ලියල තියල ගියාට... :)

      Delete