Monday, February 15, 2016

තනිකම...



මතකෙන් නොමැකේවි කිසිවක් කිසිදාක
සිනහව රැව් දේවි සවනත හැමදාම
සුසුමක් ගිලිහේවි තනියට නැතුවාම 
උණුහුම අරන් එන්නේ නුඹ කවදාක...

~නෙතුපුල්~

4 comments:

  1. nothing is forgotten.. nothing is ever forgotten.. මම පොඩි කාලේ බලපු robin hood නාට්‍ය මාලාවේ කියපු වැකියක්. එදා අපේ වීරයා robin ව අපි දැක්කේ ලෝකයේ ඉන්න ඉතාම සාධාරණ අසාමාන්‍ය හැකියාවක් තියෙන අයෙක් වගේ. අද එය ප්‍රබන්ධයක් බව දැනගෙන අප ඒ දෙස බලන කෝණය වෙනස් වෙලා. අද උනත් එය රස විඳින්න මම නම් පුද්ගලිකව කැමතියි. ඒත් එදා විදි රසය විදින්න අමාරු වෙයි. කාලය වෙනස් වෙලා අපි හිතන විදිහ වෙනස් වෙලා. ඒත් nothing is forgotten.. nothing is ever forgotten..(කිසිවක් අමතක වෙලා නැහැ) කියන දෙය පමණක් අපේ මතකයේ කිදා බැහැල.

    ReplyDelete
  2. ඇත්ත...එත් සමහර දේවල් අපි ඇත්තටමත් අමතක වෙන්න නොදී අල්ලගෙන ඉන්නව නේද? මම හිතන්නේ අපි එහෙම කරන්නේ ඒ මතක අපේ ජිවිතේ ගොඩක්ම ආදරණිය අත්දැකීම් නිසා කියලයි...

    ReplyDelete
  3. "එත් සමහර දේවල් අපි ඇත්තටමත් අමතක වෙන්න නොදී අල්ලගෙන ඉන්නව නේද?" - ඒක තමන් තීරණය කරන්න ඕන දෙයක්. හැබැයි එක දෙයක්, අතහැරීමක් කිරීමට අත හරින දෙය ගැන අත්දැකීමක් තියෙන්න ඕනි. අපි අල්ල ගෙන ඉන්න කැමති දේවල් එහෙම බැලුවොත් අත්හරින්නත් ලේසියි. සමහර විට මම වැරදි ඇති, නමුත් බෝධිසත්වයන් කාමසුඛල්ලිකානුයෝගය අත්හැරීමට සත්‍ය සොයා යාමට යොමු වුයේ එය අත් විඳ එය දෙස වෙනත් කෝණයකින් බැලු නිසයි. එතුමා ඒම තීරණය ගණු ලැබුවා. මාස්ලෝ self actualization goals කියල අර්ථ දැක්වුවෙත් මෙය කියල සමහර විද්වතුන් තර්ක කරනවා.

    ReplyDelete