Saturday, August 29, 2015

සාදය...

Image result for party

මීවිතෙන් මත් වූ
මියුරු නාදෙන් පිනවූ
සිනා කැන් පිරවූ
සාදයකි සැම දෙනා රැස්වූ

කිසිදා නොමැති සතුටක් 
කිසිදා නොතිබු සෙනෙහක් 
මවා පාමින් තවත් 
ගෙවා දමනා නිසරු දිනයක්!  

~නෙතුපුල්~

4 comments:

  1. මීවිතෙන් මත් වී නම්
    මියුරු නද පින වී නම්
    සිනා කැන් පිර වී නම්
    දුක කුමක් අඩු පාඩු වී නම්?

    ReplyDelete
    Replies
    1. අඩුවක් නොමැත මීවිත ඇත උතුරන්න
      දුක් කිසිවක් නොමැත සිනහව දස අතම
      ගී හඬ පරදවයි සැමගේ දුක් සුසුම
      ජීවිත ගමන යයි පළඳන් වෙස් මුහුන...

      Delete
  2. ජීවිතේ ඔහොමම ඉවර වෙලා යයි නේද???

    ReplyDelete
    Replies
    1. කොහොමත් ජීවිතේ කරන කියන ගොඩක් දේවල් කිසි තේරුමක් නෑ කියලයි මට නං හිතෙන්නේ...සරලව ගත කරන්න පුළුවන් ජීවිතේ සංකීර්ණ කරගන්නේ අපිමයි...
      මම සහභාගි වුන එක උපන්දින සාදයක මතු පිටින් පෙනුණු සතුට සහ ගෙවල් ඇතුලේ තිබුණු ප්‍රශ්න දෙකම දැක්ක නිසා ලියවෙච්චි කවියක් මේක...

      Delete