Saturday, March 14, 2015

හිස් වුනු මගේ සිත...


කාලෙකින් කිසි දෙයක් ලියවුනේ නැති උනාට ජීවිතේ නම් ගොඩක් වෙනස්කම් වෙන කාලයකුයි මම ගත කරමින් ඉන්නේ...ලියන්න දෙයක් හිතට එන්නෙම නැති තරම්...හිත මේ තරම් හිස් වෙලා තියෙන්නේ පහු ගිය කාලෙදි මම මගේ ජීවිතය ගැනම ගත්තු තීරණ ගැන මට අපැහැදිලි හැඟීමක් දැනෙන නිසා කියල මට දැනෙනවා....

මාව හොඳින් අඳුරන අය වගේම...මගේ බ්ලොග් එක මුල ඉඳන් කියවපු අයත් දන්නවා ඇති මගේ ජීවිතේ ගොඩක් සිදුවීම් වලින් පිරුණු එකක් බව. එත් ඒ කිසි දේකින් මම පසුතැවුනේ නෑ වගේම ජීවිතය නතර වෙන්න දුන්නෙත් නැහැ. මම ගොඩක් දුක් වින්ද බව ඇත්ත. එත් කවදාවත් මම ගත්තු තීරණ ගැන පසුතැවුනේ නැහැ...එත් ගිය මාසෙදි මම මගේ වගේම මගේ පවුලේ අය ගැනත් හිතල ගත්තු මේ තීරණේ හරිද වැරදිද කියල මම තාමවත් දන්නෙ නෑ...

දශක තුනක් වුනු මගේ ජීවිතේදි මම හරි හම්බ කරපු හැම දෙයක්ම ලංකාවේ තියල මම මගේ පවුලේ අයට යහපතක් කරන්න පිට රටකට ආවත්...මට ඒ දේවල් කරගන්න පුළුවන් වෙයි ද කියල මම දන්නෙ නැහැ...කොච්චර අමාරුවෙන් උනත්... මට ආදරය කරන...මම ආදරය කරන ඒ අය එක්ක ඉන්න තිබුනනම් මිට වඩා මගේ හිත නිදහස් වෙන්න තිබුනදත් කියල මට දැන් හිතෙනවා...වැරදෙන්න තීරණ නොගත්තු මට මෙතෙන්දි වැරදුනාද කියලත් මට දැන් හිතෙනවා...



~නෙතුපුල්~


2 comments:

  1. වරදින්න හරියන්න වැටුනු තැන නැගිටින්න...
    විඳවන්න විඳගන්න සතුට ලංකරගන්න....
    වැලපෙන්න හිනැහෙන්න ඔබෙ දෙතොල් සරසන්න....
    හැම දෙයට හුරු වෙන්න ජීවිත‍ය ජයගන්න....

    ReplyDelete
    Replies
    1. උදේ නැගිට්ට ගමන්ම කියවන්න මේ කවිය ලියල ගියාට ස්තුතියි...ඇනොනිමස් විදිහට ලිව්වට...මගේ ජීවිතයට බද්ධ වුනු කෙනෙක් ලිව්ව කවියක් කියලයි මගේ හිතට දැනෙන්නේ...ස්තුතියි ගොඩක්...මගේ ජීවිතේ හැම දේකදි වගේම මේ වෙලාවෙදිත් මගේ හිත හදන්න උත්සාහ ගත්තට...

      Delete