Saturday, January 10, 2015

rural middle-class Sinhalese idiots!


ජනාධිපත්වරණ ප්‍රතිපල අහල හිත කලකිරිලා බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉන්න අතරේදී ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු ලිපියක් මම දැක්ක. හිතට බොහොමත්ම අමාරු උනේ කටමැත දොඩන්නේ නැතුව, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහින්ද මහත්තයව දිනවන්න තමන්ගේ අහිංසක චන්දය දීපු කොළඹින් පිට පළාත් වල ඉන්න සිංහලයව හඳුන්වන්න යොදපු යෙදුමටයි. විරුද්ධ මත මට ඉවසන්න පුළුවන්. නමුත්, මේ අහිංසක මිනිස්සුන්ට rural middle-class Sinhalese idiots කියල කියනවටනම් මම බොහොමත්ම විරුද්ධයි.

මම කියවපු ඒ ලිපිය මෙතනින් බලන්න:
https://lefroy.wordpress.com/2015/01/09/feeling-free/

ගම් වල ඉන්න මධ්‍යම පන්තික මිනිස්සු මෝඩයින්ද? සිරස මාධ්‍ය ජාලයෙන් ප්‍රකාශය වෙන දේ විතරයිද හරි? එතකොට රුපවාහිනී, අයි.ටී.එන් එකෙන් එදා මෙදා තුර කිසි ඇත්තක් කියල නැද්ද? ඇයි මෙහෙම අන්තවාදී ප්‍රකාශ කරන්නේ? 

මේ ලිපිය ලියපු පුද්ගලයා කොළඹ 7 ඉපදුනු කෙනෙක් වෙන්න ඇති, උසස් යයි සම්මත පන්තියෙත් වෙන්න ඇති...සිංහලත් නොවෙන්න ඇති සමහර විට...හැම කෙනාටම අදහස් ප්‍රකාශ කිරීමට සමාන අයිතියක් තිබ්බට ඔය ලිව්ව මහත්තය හෝ නෝනා (මම දන්නෙ නැහැ ඔබ කවුරුන්ද කියල) මිට වඩා සංයමයකින් ඒ මිනිස්සු ගැන කතා කරානම් බොහොම වටිනවා...

ඔබ නොදන්නවා වෙන්න ඇති...ඔය rural middle-class Sinhalese idiots ල තමයි මේ රටේ ජීවනාලිය. ඒ මිනිස්සු ඔබ තරම් ඉගෙනගෙන නැතුව ඇති. ඒත් ඒ මිනිස්සුන් එකා වන්ව සිංහලයා වෙනුවෙන් චන්දෙ දුන්නා. ඔබ කියන උසස් පන්තියේ මිනිස්සු මහ ලොකු කතා කියමින් රට අරාජික කළා...එහෙම බලද්දී බුද්ධිමතා කවුද? 

ඔය rural middle-class Sinhalese idiots ල තමයි රටට රණ විරුවෝ බිහි කලේ...ඒ මිනිස්සු ජීවිත පූජා කරලා දිනා දුන්න නිදහස නිසා තමයි ඔබතුමා (හෝ ඔබතුමිය) අද මේ කටමැත දොඩවන්න ජීවත් වෙන්නේ...ඒ මිනිස්සුන්ට අවශ්‍ය ගරු කිරීම ලබා දෙන්න. එතකොට ඔබ අඩුම තරමින් සංයමයකින් යුතු පුද්ගලයෙක් විදිහටවත් අපිට පෙනී යාවි.

~නෙතුපුල්~

7 comments:

  1. කෙලින්ම කියන්නේ මහින්දට චන්දෙ දුන්න අය ගොබ්බයො කියලා නේ. කෙනෙකුකේ දේශපාලන දැක්මක් මත ඔහුට අපහාස කිරීම තරයේ හෙලා දැකිය යුතුය. සමාජයේ මතයක් ඇති කරන්න හදනවා මෙහෙම
    මහින්දට නම් චන්දෙ දුන්නේ
    මෝඩයෝ, හරක්, නුගතුන්, ගමේ බය්යෝ. ජාති වාදීන්,හොරු,පාදඩයන් , පහල ග්‍රාමීය මිනිස්සු

    මයිත්රීට චන්දෙ දුන්නේ
    උගතුන්, බුද්දිමතුන්, තර්කානුකුලව බලන අය, නාගරික ඉහල මිනිස්සු

    මෙතනදී කරන්නේ මයිත්රීට චන්දෙ දුන් අය පොෂ් ලෙස සැලකීමක් හරහා අන් අය නින්දාවට පත් කිරීමකි.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ සිංහල කම අමතක කිරීම පොෂ් විදිහට සලකන සමාජයක ඔය මතවාදය ප්‍රසිද්ධ කරන්න හරිම ලේසියි. දැන්වත් අපේ මිනිස්සුන් අනගාරික ධර්මපාල තුමන් එදා කිව්ව දේවල් වගේම සෝම හමුරුදුවෝ මෑත ඉතිහාසයේදී කිව්ව දේවල් මතකෙට ගන්න උත්සහ කලොත් සිංහලයාගේ හෙට දවස ගැන පොඩි හරි බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුළුවන් වේවි...

      Delete
  2. අනිවාර්යෙන්..අපේ සමහරු හිතන් ඉන්න දෙයක් නේ ඉහළ පැලැන්තිවල මිනිස්සු තමයි ධනේෂ්වරවාදී යූඇන්පී කාරයෝ කියලා..එතකොට උන්ට ගමේ දුපත් මිනිස්සුන්ගේ ඡන්දවලින් පත්වෙන්න හොඳයි..හැබැයි ගමේ උන් ගොබ්බයෝ කියලනේ කියන්නේ..ගම්වල මිනිස්සු ඔය හිතෙන් පොෂ්වෙලා ඉන්න උදවියටත් පොෂ් වෙන්න දඟලන දේශපාලනයේ අයන්නවත් නොදත් උන්ට වඩා දැනුවත්..ඔහොම හිතන එක ඔය සෝබන කුක්කන්ගේ ගොබ්බකම මිසක් ඒ මිනිස්සුන්ගේ නෙවෙයි..අනික් කාරණේ මකසි කිව්වා වගේ මහින්දට සපෝට් කරන උන් ගොබ්බයෝ කියල මතයක් හදන් ඉන්නවා..එතකොට හීනමානෙන් පෙලෙන උන් නෑ නෑ අපි සිරිසේනට කියනවා.

    ReplyDelete
  3. නිලුපුල් මේකට following gadget එකක් දාන්න අපිට එන්න ලේසිවෙන්න..:)

    ReplyDelete
  4. @තනි තරුව - අනේ මම වැඩිය දන්නෙ නෑ මේ බ්ලොග් වල gadgets ගැන. හොයල බලල දාන්නම් :)

    අපේ මිනිස්සු කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා කිව්වලුනේ...ඒ නිසා වෙන්න ඇති ගමේ ගොබ්බ කියන අයගේ චන්දෙන් එයාල පත් වෙද්දී ඒ මිනිස්සුන්ම බොහොම බුද්ධිමත් වෙන්නේ...

    ReplyDelete
  5. //රණ විරුවෝ බිහි කලේ...ඒ මිනිස්සු ජීවිත පූජා කරලා දිනා දුන්න නිදහස නිසා තමයි ඔබතුමා (හෝ ඔබතුමිය) අද මේ කටමැත දොඩවන්න ජීවත් වෙන්නේ...ඒ මිනිස්සුන්ට අවශ්‍ය ගරු කිරීම ලබා දෙන්න. එතකොට ඔබ අඩුම තරමින් සංයමයකින් යුතු පුද්ගලයෙක් විදිහටවත් අපිට පෙනී යාවි.//

    ඒකගයි උපරිමයෙන් ම ..............

    ReplyDelete
  6. Irony is …. To sort out the mess created by the educated(?) high class(?) city dwellers , rural middle-class Sinhalese idiots went to war and gave their legs , hands , eyes , ears and lives , so that high class city fuckers can sleep well at night.

    ReplyDelete