Friday, January 9, 2015

ජනාධිපතිවරණය සහ සිංහලයාගේ පැරදුම...


කිසිදා නොතිබුනා මේ රට නිදහස්ව 
සැමදා සැමදෙනා බැලුවේ සොලවන්න
අපගේ නිදහසේ සලකුණු කරලන්න 
නුඹ හට හැකි වුනා ලක් මව ජය ගන්න...

කල කී දේ මතක නැත අප හෙළයන්ට
කල ගුණ සැලකුමක් ඕනෑ නෑ රටට
සෙන්කඩගලත් පරදා දැමුවයි නුඹව 
හෙළ පැරදුමයි පෙන්වන්නේ මේ තරම...

නුඹ හෙළ රජෙකි කිසි දින අමතක නොවෙන
හරි සිංහලුන් සැමදාමත් නුඹ සමග
නුඹේ ගුණ වරුණ අප හද තුල ඇත තවම 
නුඹ සැමදා දිනයි අප හදවත් අතර...

හිමියන් සෝම පැවසු සියලුම දේම
අද සැබවින්ම පෙන්වන්නේ අප සැමට 
හෙළ රජ කෙනෙක් පත් කෙරුමට ලක් මවට 
කිසි දින නොලැබේවි නැවතත් අප සැමට...

~නෙතුපුල්~

22 comments:

  1. අපරාදෙ හොඳ නළුවෙක්නෙ ගියේ.. හැබැයි ඇතිවෙන්න හම්බකරගෙන . පහුවෙනකොට එලියට එයි කලදේ ගැන විස්තර..එතකොට ලියමු කවි..

    ReplyDelete
    Replies
    1. සිංහල මිනිහට හැමදාමත් මුල අමතක වුනා. අපිට ඉතිහාසය අමතක නැහැ. බලමුකෝ ඔය සුදු වතින් සැරසුන අය කොයි තරන් සුදුයි ද කියලත්...

      Delete
    2. නෙතු දැන් නම් කට්ටිය හොයා ගන්නත් නෑ ඡන්දේ දීපු

      Delete
  2. අගෙයි................... අගෙයි..........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි...මම හිතුවෙම නැහැ හොඳක් අහන්න ලැබෙන අදහසක් මේ පොස්ට් එකට කවුරුවත් ලියල යාවි කියලවත්...සතුටුයි ඔබේ සහයෝගය ගැන.

      Delete
    2. එහෙම නැහැ. තුච්ච විදියට මඩ ගසා අපහාස කරන නිසා ඔබට සමාන අදහස් තියෙන මිනිස්සු කොමෙන්ට් කරන්න පෙළඹෙන්නේ නැහැ. උන්ගේ මතේ ඔක්කොම හරි. ප්‍රගතිශිලියි. එකට විරුද්ධ උං හරක් කියලනේ ඒ උදවිය කියන්නේ .

      දැන් මය්ත්‍රිට චන්දෙ දුන්න උනුත් මං දැක්ක රනිල් දිවුරුම් දෙනවා ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලන් ඉන්නවා.... බලමුකෝ කොහොම වෙයිද කියා කියා. දැන් අද රෑ ඉඳන් චන්ද්‍රිකාගේ , රනිල් ගේ බල අරගලය ආරම්භ වෙයි..... ෂෝයි :)

      Delete
    3. ස්තුතියි මේ පැත්තේ ආවට...ඔබේ කතාව හරියටම හරි. ගිය පාර ජනාධිපතිවරණයේදීත් ඔය සද්දේ ඒ විදිහටම තිබුන.

      රනිල් ගෙ දිව්රුම් දීම ගැන අපේ මෝඩ මිනිස්සු පුදුම වෙනවනං ඒකෙන්ම පේනවා උගත්කම තිබ්බට බුද්ධිය හරිම හීනයි කියන එක. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියනවලුනෙ...ඔය එකතු වෙච්ච අනික් අය සද්ද නොකර, බලපෑම් නොකර ඉඳීවි කියල හිතන්න බැහැ. බලාගෙන ඉම්මු...මොනවා කරන්නද ඉතින්...අපේ රටට අවශ්‍ය තීරණේ ගන්න අපිට බැරි උනා...ආයිත් කවදාවත් එහෙම දවසක් උදාවේවිද කියලත් සැකයි...

      Delete
    4. බ්ලොග් අවකාශයේ සිංහලයා වෙනුවෙන් කතා කරන්නේ ජාති වාදීන්, හරක්, මෝඩයෝ කියලා මතයක් ඇති කරමින් පවතිනවා එකට ඔය තමන් සියලු දේ දන්නවා කියලා හිතන් ඉන්න. බොහෝ බ්ලොග් කාරයේ අදහන දෙතුන් දෙනෙක් ඉන්නවා.ඔවුන්ට බයේ සමහරු මේ වගේ ලිපිවලට කමෙන්ට් දාන්නේ නැහැ.

      Delete
    5. තමන්ගේ ජාතිය වෙනුවෙන් නැගී සිටීම ජාතිවාදයක් කියල කියන්නේ සිංහලයට විතරක් වීමයි මෙතන ගැටලුව. සිංහල කම අමතක කරලා ශ්‍රී ලංකික කියල කියාගන්න මෝඩයින්ට ඇයි මේක අමතක වෙන්නේ...

      Delete
    6. මහසොහොන් පිල්ලිය සහ මකසි:
      සහතික ඇත්ත.බ්ලොග්වල ගෝඩ් ෆාදර්ලාගේ මතයට විරුද්ධ සේරම හරක්, ගොබ්බයෝ, මෝඩයෝ, ජාතිවාදියෝ...ඒ පස්සෙන් යන රැලකුත් ඉන්න නිසා ඉතින් මිනිස්සු කට අරින්නේ නෑ..ඒක තමයි රටටත් කෙළ වෙන්නේ..

      ඔව් දැන් සමහර සිරිසේනට දුන්න උනුත් ඇටි කෙහෙල් කෑව උගුඩුවෝ වගේ ඉන්නේ..සමහරු දැන් දුක්වෙනවා..උතුරෙන් එන ආරංචි හොඳ නැති ඒවා..ඒ නිසා මාධ්‍යවල ඒව ගැන මුකුත් කියන්නේ නැහැ...

      Delete
  3. ජාතිවාදී කණ්ඩායම් වල සහය ලැබුවෝ දින්නා. අතුරලියේ සාදු ලා සිහින දකින විදියට නොගියොත් රට කපෝති.

    ReplyDelete
  4. 1815 ඩි ජෝන් ඩොයිලි සිංහල කතා කාලාම බුලත් කාපුවාම ඒකට හාමුදුරුවරු විතරක් නෙමෙයි සිංහලයොත් රැවටිලා තම නිදහස් කිරීටය සුද්දන්ට දෝතින්ම දුන්නානේ. හැබැයි වසර දෙකක් යන්න ඉස්සර වෙලා තමන්ට වැරදුනු බව මෙන්ම තමන් රැවටුන බව ඒ අයට මැනවින් තෙරුනානෙ.
    මෙවර චම්පික අතුරලියේ රතන හිමි,සහ ඕමල්පේ සෝභිත නායක හිමි ඇතුළු අයට ඒකට කොපමණ කාලයක් යයිද කියල ඉතිහාසය කියල දේවි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. 1815 සිංහලයට සොරි ඩොට් කොම්
      1915 සිංහලයට සොරි ඩොට් කොම්
      2015 සිංහලයට සොරි ඩොට් කොම්

      Delete
  5. සිංහලයින් වෙනුවෙන් අදහස් පල කරපු හැමෝටම ස්තිතුයි. ඉතිහාසයේ කිසි දවසක නොවුණු විදිහට අපේ ජනාධිපති තුමන් මැදමුලනට පිටත් වෙනකොට මගේ නං ඇස් කඳුලින් පිරුනා. අපේ ගෙවල් නම් මළ ගෙයක් ගානයි. පුංචි කාලේදි තාත්තා රට යනකොට, එහෙම නැත්තන් මොකක් හරි වැඩක් නිසා රෑ වෙනකල් ගෙදර එන්න බැරිවෙනකොට මට දැනුනු අනාරක්‍ෂිත හැඟීම මට අදත් දැනෙනවා. පුදුම අසරණ කමක් හිතට දැනෙන්නේ... :(

    ReplyDelete
    Replies
    1. නෙතුපුල් ඒ හැඟීම අපිටත් එලෙසෙම දැනෙනවා..ඒ අරාජික අනාරක්ෂිත හැඟීම එන්නේ අපි මහින්දවාදියෝ නිසා කියල සමහරු කියනවා..ඒක නෙවෙයි හේතුව...බරපතල වැරැද්දක් වෙන බව මහ තදට දැනෙනවා...ඒක අනික් උන්ට දැනෙනවාද දැනිලත් මාන්නය නිසා නොදැනෙනවා වාගේ ඉන්නවාද මම දන්නේ නැහැ...ඇත්තටම කියනවා නම් සිරිසේනට දුන්න අයට තිබුණේ මහින්ද ගැන වෛරයක්..මොකද හැමෝම කිව්වේ මහින්ද ඇර ඕන එකෙක් කියලා..ඒ කියන්නේ සිරිසේන ගැන උපන් හැඟීමක් නෙවෙයි මහින්දට එරෙහි වෛරයයයි මනාපයට හේතුව...දැන් ඒ වගේ උන්ම සමහරු තක්බීර්වෙලා ඉන්නවා...

      ඔබ කිව්වත් වගේ සිංහලේ අන්තිම රජු පාවා දුන්නෙ සෙංකඩගලින් (අපාඅසයක් නොවෙයී මේ වතාවේ ලංකාවම ඒකට වගකිවයුතුයි..

      Delete
  6. With Mahinda out of office Sri Lanka will never again be as stable as it had been from May 2009 to 09th of January 2015. This would obviously be the beginning of the end of stability which was brought to the country by Rajapaksha administration following the defeat of LTTE terrorism.

    http://rebelofkandy.blogspot.com/2015/01/the-wests-sustained-regime-change-plan.html

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ ලිපියට link එක දැමීමට ස්තුතියි. මම කියෙව්වා ඒ ලිපිය...සහතික ඇත්ත...මහින්ද එලවපු වෙලාව රටේ අස්ථාවරත්වයේ ආරම්භය කියල මටත් හිතෙනවා. මොන වැරැද්ද තිබුනත් මහින්ද කියන්නේ කොන්ද පන තිබ්බ, එක එක රටවල් වලට උවමනා විදිහට නටපු නැති කෙලින් මිනිහෙක්.

      නව ජනාධිපති තුමන් නරක නැති වුනත් බලයට එන්න ලං කරගත්තු අනික් පාර්ශව එක්ක ඒ වගේ පාලනයක් ගෙනියන්න පුළුවන් වෙයිද කියන එක ගැන මටනම් සැකයි. බලය ගන්න උදව් කරපු ඒ අය මස් රාත්තලම ඉල්ලාවි...ඒවා නොදී හිටියොත් බලය පවත්වාගන්න තියා ජීවිතෙවත් ආරක්ෂා කරගන්න පුළුවන් වේවිද මන්දා...බැරි වෙලාවත් ඒ පොරොන්දු ඉටු කරොත් එහෙම...දීල ඉවර වෙද්දී අපේ රටට, අපේ සිංහලයට දෙයියන්ගේම පිහිට විතරයි...

      Delete
    2. මම සර්ව සුභ වාදියෙක් වත් සර්ව අසුභාවාදියෙකු වත් නොවෙයි. ඔබම ඔබේ හිතින් හිතල බලන්න, මහින්ද ජනපති තුමා ඔය කිව්ව පාර්ශව දෙක එකතු කර ගන්න උත්සාහ ගත්ත බව ඔබත් මාත් දන්නවා. එතුමා ඔය පාර්ශව දෙකේ agendas මුල සිට දැන දැනත් එකතු කර ගන්න උත්සාහ කලේ ඇයි ද යන්න ප්‍රශ්නයක් නොවේ ද? හදිසියේ වත් ඔය පාර්ශ්ව එක් වී එතුමා ජයගත්තා නම් ඔබගේ comment එක කුමක් විය හැකි ද? චන්දය ඇරඹු දවස් වලම අස්වර් ඉවත් කර අමීර් අලි පත් කිරීම එතුමා ගේ ඇති අරමුනේ මිනුම් දණ්ඩක් නොවේ ද?

      Delete
    3. තමන් ගැන මිසක් වෙන කිසිදු පුද්ගලයෙක් ගැන අපි 100% සත්‍ය තොරතුරු නොදන්න නිසා මම නම් හිතන්නේ මෙතන තියෙන්නේ අපි වෙනත් කෙනෙක් ගැන තිබ්බ විශ්වාසයයි. මොනවා උනත් මහින්ද මහත්තය ගැන මගේ හිතේ තියෙන්නේ විශ්වාසයක්...ඒ එතුමා කවුරුත් කියපු විදිහට එතුමන්ගේ ධුර කාලය තුලදී නැමුණේ නැති නිසයි. එතුමන් දුන් පොරොන්දු වලින් ගොඩක් ඒ විදිහට ඉටු කරපු නිසයි.

      නව ජනාධිපති තුමන් කෙලින් හිටියොත් මගේ අවිශ්වාසයට නිසි පිළිතුරක් ලැබේවි. කවුරු ජනපති වුනත්...අපි එතුමන් පත් කරන්න චන්දය දුන්නත් නැතත්...ජනපති කෙනෙක් කියන්නේ චන්දය දුන් නොදුන් සැමගේ ජනාධිපති. ඒ නිසා මම කවුරු ජනාධිපති වුනත් එතුමන්ට ගරු කරනවා. රටේ අනාගතය ගැන මට තියෙන අවිශ්වාසය වැඩි වෙලා තියෙන්නේ එතන ඉන්න ටී එන් ඒ සහ මුස්ලිම් පක්ෂ නිසා විතරක් නෙමෙයි. ඉතිහාසයේ රට පාවාදුන් නායකයනුත් එතන ඉන්න නිසයි. ඒ බලවේග වල එකතුව, තනියෙන් සිටි ඒ බලවේග වලට වඩා ගොඩක් වැඩි නිසයි මහින්ද හිතවාදී කණ්ඩායම් වලට රටේ ඉදිරිය ගැන කනස්සලක්, අවිශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ...

      මම හිතන්නේ සංවාද කොයි විදිහට කරත් වෙන්න තියෙන දේවල් ඒ විදිහට සිද්ධ වේවි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ බලන් ඉන්න විතරයි...

      Delete
    4. ඒ වගේම කියන්න ඕනි...ඔබගේ අදහසටත් මම ගරු කරන බව. පක්ෂ විපක්ෂ හැමෝගෙම අදහස් රටට වටිනවා.

      Delete
  7. ඔබේ දුර දැක්ම මා අගයමි ...
    විශිෂ්ඨයි

    ReplyDelete