සිඟිති සියුමැලි නුඹේ අත ගෙන
පාසලට නුඹ රැගෙන ගිය කල...
ළපටි නෙත් යුග කඳුළු බොඳ කර
බලා සිටියා මගේ අත ගෙන...
පළමු පාඩම මගේ මග හැර
නුඹේ නෙතගේ කඳුළු සිප ගෙන
වැළඳ ගත් කල මා නුඹේ හිස
සැනසුනා නුඹ නගා මද හස...
කොස් ඔටුනු ලා රජ කරා නුඹ
මල් දමින් මා හැඩ කලා නුඹ
කෙලි කවට සිනහා මැදින් අප
ගෙවූ කල් මතකයි සදා මට...
ගෙවී ගියමුත් බොහෝ කල් අද
සිතේ දරමින් නුඹේ සෙනෙහස
සදා නොවෙනස් වේ මගේ සිත
නැගණියයි නුඹ මගේ සැම දින...
~නෙතුපුල්~
ලස්සන සහෝදර ප්‍රේමයක්................ කාලයක් ගෙවිලා ගියාම ඒ පැරණි ජීවිතය හරි ලස්සන මතකයන් මතු කරනවා..... අගෙයි පද පෙළගැස්ම....
ReplyDeleteගොඩක් ස්තුතියි..ඒ වගේම ගොඩක් සතුටුයි ඔයාල මේ පැත්තේ එන එකටත්....
Deleteමගේ නංගි මට වඩා අවුරුදු 7 ක් බාලයි...ඉතින් සහෝදර කමට වඩා මම එයා ගැන මගේ දරුවෙක් විදිහට හිතනවදත් මන්දා..... :)