Tuesday, August 26, 2014
Friday, January 10, 2014
එදවස...
ගලා එයි කළුවර
මැකී යයි හිරු සයුරු දිය මත..
බොඳව යයි දසුනද
හිස්ව යයි මී බඳුන් එකිනෙක...
වදන් රැල් මතුවී
සිතෙහි කුසුමන් පිබිදී
සිනා කැන් ඉතිරී
කලා පැතුමන් නුඹත් එක්වී...
පැතු ඒ පැතුමන්
සැබෑ කරනට මතු සදාකල්
වෙහෙසුනත් මා සැමකල්
නොසිටියා නුඹ මගේ ලඟ නම්
~නෙතුපුල්~
Friday, January 3, 2014
අතීතාවර්ජනය...
සලමින් සෝ සුසුම්
දරමින් මහද තනිකම්
හෙලමින් කඳුළු උණුහුම්
මග බලා සිටියා... එනකම්...
නොදුටු ඒ කඳුළැලි
නොඇසුනා කිසිදාක...ඒ ඉකි
නොබැලුවා ඔහු නිති
මුලා වූ කල ඇගේ දිවියෙහි...
හෙලු කල කඳුළැල්
නොමැති වූ කල හසරැල්
නොලද ඒ පෙම් මල්
බලා හිඳිනේ කිමද...තව කල්?
~නෙතුපුල්~
Wednesday, January 1, 2014
සුභ නව වසරක් වේවා!
පතනා සියලු පැතුමන් ඔබෙ ඉටු වේවා
සිතනා සියලු දේ එම ලෙස සිදු වේවා
කරනා සියලු දේ හට ජය අත් වේවා
ලබනා නව වසර සුබ වසරක් වේවා...
~නෙතුපුල්~
Tuesday, December 31, 2013
Tuesday, December 24, 2013
සිහිනය...
නිදි නැති රැයේ තනියට නොව හඬවන්න
කිසිවෙකු නොදන්නා තරමට රිදවන්න
රිදුමක වේදනා මේ යැයි පවසන්න
සිහිනය පුරා නුඹ සිටියා සැමකල්ම...
~නෙතුපුල්~
Monday, December 23, 2013
සයුරු දිය...
අවැසි වුයේ දිය බිඳක් නම්
නුඹ පුදන්නේ
සමුදුරක්
සමුදුරක්
වියලි ගිය මා දැවුණු දිවියට
නොලැබුණා මට දිය පොදක්...
තෙරක් නොපෙනෙන නුඹේ කඩඉම්
කරක් ගසනා නුඹේ දිය රැල්
ඉමක් නොපෙනෙන නුඹේ ඕවදන්
නුඹත් නොදනී නුඹේ සිත් රැල්...
දිගක් පළලක් මනින්නට බැරි
දිය බිඳක් වත් පුදන්නට බැරි
මට නොවෙයි සැම දෙනටමත් හිමි
නුඹේ දිය
මට නොදෙයි හසරැලි...
මට නොදෙයි හසරැලි...
හිතට හරි නැති උනාට අද කවියක්වත් නොලියවෙන දවසක් වෙලා...මේක ලියල ගොඩක් කල්...අහම්බෙන් හම්බ උනේ...
Subscribe to:
Posts (Atom)

