Tuesday, December 31, 2013
Tuesday, December 24, 2013
සිහිනය...
නිදි නැති රැයේ තනියට නොව හඬවන්න
කිසිවෙකු නොදන්නා තරමට රිදවන්න
රිදුමක වේදනා මේ යැයි පවසන්න
සිහිනය පුරා නුඹ සිටියා සැමකල්ම...
~නෙතුපුල්~
Monday, December 23, 2013
සයුරු දිය...
අවැසි වුයේ දිය බිඳක් නම්
නුඹ පුදන්නේ
සමුදුරක්
සමුදුරක්
වියලි ගිය මා දැවුණු දිවියට
නොලැබුණා මට දිය පොදක්...
තෙරක් නොපෙනෙන නුඹේ කඩඉම්
කරක් ගසනා නුඹේ දිය රැල්
ඉමක් නොපෙනෙන නුඹේ ඕවදන්
නුඹත් නොදනී නුඹේ සිත් රැල්...
දිගක් පළලක් මනින්නට බැරි
දිය බිඳක් වත් පුදන්නට බැරි
මට නොවෙයි සැම දෙනටමත් හිමි
නුඹේ දිය
මට නොදෙයි හසරැලි...
මට නොදෙයි හසරැලි...
හිතට හරි නැති උනාට අද කවියක්වත් නොලියවෙන දවසක් වෙලා...මේක ලියල ගොඩක් කල්...අහම්බෙන් හම්බ උනේ...
Friday, December 6, 2013
මටම දොස් පවරන නුඹට...
හැරදා ගියා නුඹ මා එක මංසලක
හැඬුවා මා මගේ දිවි අතහැර කලක
දුටුවා, නොදුටුවා මා විඳි දුක් ගැහැට
කිසිදා නොසිතුවා සනසන්නට මසිත...
කිසිදා නොදැනුනිද මා තනිවූ බවට
කිසිදා නොසිතුනිද මා අසරණ වගට
කිසිදා නොපැතුවා යලි එන්නට මවෙත
දුටුවේ නැතිද මා මෙහි මිය යන බවට...
හැඬුවා වැලපුණා තනියම සැම දිනක
පැතුවා කැළඹුනා සැමදා මේ ලෙසට
හැරදා ගියත් මා ගත මේ දුක් ගැහැට
කිසිදා නොදුන්නා හදවත වෙන අතක...
~නෙතුපුල්~
මා අමතක කර දැමූ නුඹට...
පිදුවෙමි ආදරය නුඹ හට නිකැළැල්ව
පැතුවෙමි සිටින්නට එක්වී සැම කල්ම
සිතුවෙමි ලබන්නට නුඹ දිවි ඇති කල්ම
දුටුවෙමි සිහින නුඹ ගැන මා සැම කල්ම
පිදුවත් ආදරය නුඹ එය නොදුටුවෙද
පැතුවත් ඒ පැතුම් නුඹ හට නොදැනුනිද
සිතුවත් මගෙ සිතුම් නුඹ හට නොපෙනුණිද
දුටුවත් මා සිහින නුඹ එය නොසිතුවෙද...?
~නෙතුපුල්~
Monday, November 25, 2013
නුඹ වෙනුවෙන් ලියැවෙන මගේ සිතුවිලි...
මතකය පිරී ඇත නුඹ ගැන සිතුම් රැලින්
සවනත පිරී ඇත නුඹ කිව් වදන් වලින්
සැමදින පිරී ගිය නුඹ සිත සෙනේ මලින්
අමතක නොවේ එය කිසි දින මගේ සිතින්....
හැරදා පැමිණි මුත් නොගියෙමි නුඹේ සිතින්
හැරදා ගියත් නුඹ ගියෙ නැත මගේ සිතින්
සැමදා මා නුඹට ආලය කරමි සිතින්
සැමදා සුබ පතමි නුඹ හට මගේ සිතින්...
~නෙතුපුල්~
Friday, November 22, 2013
මට ආදරය නොකරන නුඹට....
පැතු මාලිගා දිය කර පා කරලන්න
සිතු චේතනා ගුලි කර විසි කරලන්න
විඳි වේදනා නිම කර දිවි රැකගන්න
සිතුවිලි වලින් මගෙ නුඹ ඈතට යන්න...
නුඹ කියු වදන් මට බැහැ තව ඉවසන්න
නුඹ ගැන සිතා බැහැ මට තව දුක්වන්න
නුඹ ගැන පතා බැහැ තව මට වෙහෙසෙන්න
දැන්වත් මගේ දිවියට සැනසුම දෙන්න...
~නෙතුපුල්~
Subscribe to:
Posts (Atom)
